ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය එහි ගිණුම් හිමියන්ගේ දත්ත අවභාවිත කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ එය ද ඇතුළු සමාජ මාධ්‍ය සමාගම් කිහිපයක කොටස් පහත වැටී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
අඟහරුවාදා එනම් අද (20) දිනය තුළ දී ෆේස්බුක් සහ ට්විටර් යන සමාගම්වල කොටස් සියයට දෙක බැගින් ද ස්නැප්චැට් හි කොටස් සියයට එකකින් ද පහත වැටී තිබේ.
සඳුඳා (19) දිනය අවසානයේදී ෆේස්බුක් සමාගමට අයත් කොටස් සියයට 7කින් කඩා වැටුණු අතර එහි වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 40කින් පහත වැටී තිබේ. ෆේස්බුක් සමාගම නව නීතිරීතිවලට යටත් වන බව පැවැසීමත් සමඟ ආයෝජකයෝ ද කනස්සල්ලට පත්ව සිටිති. නව නීතිරීති හේතුවෙන් සමාගමේ ප්‍රචාරණ ව්‍යාපාරයට දැඩි ලෙස හානි වනු ඇතැයි ආයෝජකයෝ බිය පළ කරති.
රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd