භානුක අමරසිංහ
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් වෙතින් නිවාස සංවර්ධන සහ මූල සංස්ථා බැංකුව (HDFC) වෙත BB+(lka) ජාතික ශ්‍රේණිගත කිරිමක් සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) වෙත BB (lka) ජාතික ශ්‍රේණිගත කිරිමක් ලබා දෙන බව පවසයි.
මේ අතරින් HDFC වෙත පසුගිය අගෝස්තු 15 සිට ඍණත්මක ඉදිරිදැක්මක් ලබාදීමටද ෆිච් කටයුතු යොදා තිබුණි.
විශේෂයෙන්ම රජයේ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව HDFC බැංකුවේ රජය සතු කොටස් ලංකා බැංකුවටත්, SMIB බැංකුවේ රජය සතු කොටස් මහජන බැංකුවටත් පැවරීමටත් ඉදිරිපත් කෙරුණු යෝජනාවෙන් අනතුරුව ෆිච් රේටින්ග්ස් මෙම නව ශ්‍රේණිගත කිරීම ලබාදී තිබේ. අද වනවිට ෆිච් රේටින්ග්ස් වෙතින් ලංකා බැංකුව සඳහා CCC+/AA-(lka) ශ්‍රේණිගත කිරිමක්, මහජන බැංකුව වෙත AA-(lka) ශ්‍රේණිගත කිරීමක්ද ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd