දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවූ ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා අහිමි වීම් මේ සඳහා හේතු වෙලා


ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් ශ්‍රී ලංකා රජය යටතේ ක්‍රියාත්මක ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය (NITF) වෙත BBB- ලෙස ලබාදී තිබූ ජාතික රක්ෂණ මූල්‍ය ශක්තිමත් බව (IFS) සඳහා වන ශ්‍රේණිගත කිරීම BBB දක්වා පහත හෙළීමට පියවර ගෙන ඇතැයි පවසයි.  

එසේම එම අරමුදල සඳහා ලබාදී තිබූ ශ්‍රේණිගත කිරීම Rating Watch Negative (RWN) බවට පත් කර තිබෙන බවත්, අවසානයේදී එම ආයතනය මගින් අදාළ ශ්‍රේණිය ඉවත් කරගෙන ඇති බවත් වැඩිදුරටත් සඳහන් කරයි. 

මෙම ශ්‍රේණිය පහත හෙළීමෙන් NITF සතු ද්‍රවශීලතා පීඩනය සහ ප්‍රතිරක්ෂණ අංශය තුළ පවතින දුර්වල ප්‍රාග්ධන තත්වය පිළිබිඹු කරන බව ෆිච් රේටින්ග්ස් සඳහන් කරයි. විශේෂයෙන්ම ‍2025 නොවැම්බර් මාසයේදී හටගත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අලාභ මේ සඳහා හේතුව වී තිබෙන බවත් පැවසෙයි.  

එසේම Rating Watch Negative (RWN) හරහා NITF හි ප්‍රාග්ධන සහ ප්‍රමාණවත් ද්‍රවශීලතා මට්ටම පවත්වාගෙන යාමට පවතින හැකියාව පිළිබඳ මෙන්ම රක්ෂණ හිමිකම් පෑම් සමතයකට පත් කිරීම සඳහා නිසි වේලාවට රජයේ සහාය ලැබේවිද යන අවිනිශ්චිතතාව පෙන්නුම් කරන බවත් පැවසෙයි.  

මේ අතර සිය ආයතනය NITF වෙත ලබාදී තිබූ ශ්‍රේණිය ඉවත් කර ගැනීමට හේතුව එම අරමුදල ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධවීම නැවැත්වීමට තෝරා ගැනීම නිසා කළ බවත් ෆිච් රේටින්ග්ස් පවසයි. ඒ අනුව තවදුරටත් NITF පිළිබඳ ශ්‍රේණියක් ලබාදීම සඳහා ප්‍රමාණවත් තොරතුරු තමන් පවත්වාගෙන නොයන බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.