ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සඳහා ඇසුරුම්කරණය සහ මුද්‍රණ ශිල්පය වැනි අලුත් කර්මාන්තයන් තම නිෂ්පාදන ප්‍රමිතීන් ඉහළ මට්ටමකට නංවා ගෙන දේශීය සහ විදේශීය කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා සපිරීම අවශ්‍ය බව පසුගියදා කිංස්බරි හෝටලයේදී ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනයේ 40 වන සංවත්සරික උත්සවය විවෘත කරමින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා දළ ජාතික නිෂ්පාදනයේ කෘෂිකාර්මික සහ කර්මාන්ත කොටස සෑහෙන තරමට ඉහළ ගොස් නැතත් සේවා අංශය ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වා ඇති බවත් ඔහු සඳහන් කළේය. ‘නවීන ලෝකයේ විද්‍යා හා තාක්ෂණික යෙදවුම් බහුල වීම ආර්ථිකයේ සෞඛ්‍යය පිළිබඳ හොඳ සාධකයක් බැවින් ඉහත සදහන් කළ ප්‍රවණතාවය ශුභදායක ලක්ෂණයකි. කෙසේ වුවද කර්මාන්ත අංශය ආර්ථිකයේ තම දායකත්වය වර්ධනය කරගත යුතුය. මක්නිසාදයත් අපනයනය මගින් විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන මාර්ගය එය වන බැවිනි. ඒ කෙසේ වුවත් නව ප්‍රවණතාවය වන්නේ කර්මාන්ත සහ සේවා අංශයන් ඒකාබද්ධ කිරීමයි. එයට හේතුව නවීන කාර්මික සමාජ වල සේවා බොහොමයක් කර්මාන්ත අංශයේම බද්ධව තිබීමයි.‘ අවුරුදු 40කට පෙර සුළුවෙන් ආරම්භ වූ මුද්‍රණ සහ ඇසුරුම් සේවා දැන් ශ්‍රී ලංකා අපනයන වල ඉතා වැදගත් අංශයක් බවට පත්ව තිබෙන බව ඇමැතිවරයා සඳහන් කළේය. නිමි ඇදුම්, තේ, මැණික්, ස්වර්ණාභරණ සකස් කළ ආහාර ආදී කර්මාන්ත රාශියක් හොඳ ඇසුරුම් මත රදා පවතී. සංවර්ධිත රටවල මුද්‍රණ සහ ඇසුරුම් වියදම් ඉතා අධිකව ඇති තත්ත්වයක් තුළ අවශ්‍ය ශිල්ප ඥාණය ඇති අය සිටින ශ්‍රී ලංකාව වැනි රටවලට මේ සේවා සැපයීමේ මධ්‍යස්ථාන බවට පත් වීමට හැකියාව ඇති බවත් ශ්‍රී ලංකාව මුද්‍රණ සහ ඇසුරුම් කේන්ද්‍රස්ථානයක් කිරීමට අවශ්‍ය සෑම සහයක්ම රජය විසින් දෙනු ලබන බවද ඇමතිවරයා කීවේය. ළඟ එන රජයේ අයවැය ලේඛනය ඉතා හිතකාමී එකක් වන බව කී අමුණුගම මහතා රටේ ස්ථාවරභාවයක්, නව ප්‍රගතිශීලී ආර්ථික ප්‍රතිපත්තියක් පිටුවහල් කර ගන්මින් ඇසුරුම් කර්මාන්තය සීඝ්‍රව වර්ධනය කිරීම අදාළ කර්මාන්තකරුවන්ගේ වගකීම බව සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් බතල කොළ හිටවමු සුපුරුදු ලෙස! (නි)
මෙතුමා ගේ බුද්ධිමත් බව දැන් දැන් කැපි පෙනෙන ලෙස ඉස්මතු වන්නේය.(ම)
හොඳයි හොඳයි. ආවහමම බලමුකෝ (නි)
හිතකාමීවෙන්නේ කාටද? රුපියල අවප්‍රමාණය වීම නිසා වැඩිවන ණය බරින් නිදහස් වීමෙන් වැඩි වැඩියෙන් වක්‍ර බදු අදායම ඉහලදමා ගත යුතුවේ. (ර)
හොඳයි අපි බලමුකෝ (නි)
හිතකාමි ඔබතුමන්ලටද එසේ නැතිනම් අපිතුමන්ලටද දන්නේ නෑ (බ)
ලැබුණු දුක්ගන්නාරාළ ඇමැති පට්ටම නිසා අමුතු විදියට කතා කරන්න පුරුදු වෙමින් ඉන්නවා..ගණන් ගන්න එපා..(බ)
දිකිරට බළලුත් සාක්කි කිව්වලු (ම)
බලමු (රේ)
කාටද ඇමතිතුමෝ. (ම)
හිතකාමී නිසාද වාහන වලින් මාර්ග බද්දක් ගන්නවා කියන්නේ. එන්නකෝ මීළඟ පළාත් පාලන ඡන්දෙට. (නි)