IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හෙළ ඇපරල් කොටස් මිලියන විසි එකක් හුවමාරු වේ

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන්වන විට ඊයේ (29) මෙම සතිය තුළ දෙවැනි දිනයටත් අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් කළේය. හෙළ ඇපරල් සමාගමේ කොටස් මිලියන විසි එකක් ගනුදෙනුවාර 774 ක දී හුවමාරු වී තිබේ. ඉකුත් වසරේ සමාගම නිකුත් කළ රුපියල් 1.5 ක ණයකරය සාර්ථකවූ අතර මෑත කාලය තුළ ප්‍රගතියක් වාර්තා වී තිබේ. අඩුම අගයක් දක්වා පහත වැටුණු කොටස්වලට ඊයේ අලුත් ඉල්ලුමක් නිර්මාණය විය.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,867.34 ක් වු අතර එය දර්ශක 55.87 ක වර්ධනයකි. ගනුදෙනු ආම්භයේ දී තවත් වර්ධනය වන ලකුණු තිබුණ නමුත් ආයෝජකයන්ගේ විකිණීම් සඳහා වූ නැඹුරුව ඉදිරියේ අඩු ඉල්ලුමක් ඇති විය. කෙසේ වෙතත් විදේශ මිල දී ගැනීම් පවා සීමා සහිත තත්වයක පැවැතිණ. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,671.26 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 17.87 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. 

මෙදින ගනුදෙනු 17,117 ක් වාර්තා වූ අතර සමාගම් 166 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 62 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,069.18 ක් වශයෙන් විය. 
සම්පත් බැංකුව රු. මිලියන 120 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 91 ක්, හෙළ ඇපරල් රු. මිලියන 80ක්, ඩිස්ටිලරීස් රු. මිලියන 68 ක්, ලංකා මිල්ක් ෆුඞ් රු. මිලියන 61 ක්, කැලණි කේබල් රු. මිලියන 60 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 54 ටී.ජේ. සමාගම රු. මිලියන 49 ක්, සී. අයි.සී. නිෂ්ඡන්ද රු. මිලියන 44 ක්, වැලිබල් වන් රු. මිලියන 43 ක්, සහ සෙලිංකෝ හෝල්ඩිං රු. මිලියන 43 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි. 
මධ්‍ය හා දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් කොටස් මිල දී ගැනීමට පසුබිමක් තිබේ. යුරෝපා සංවිධානයේ නියෝජිත පිරිසක් මෙරට අපනයන සඳහා බදු පහසුකම් සැපයීම ගැන නිරීක්ෂණයකට පැමිණ ඇති අතර එය අපනයන අංශ්‍යට වාසිදායක තත්වයකි.
නිරීක්ෂක



අදහස් (0)

හෙළ ඇපරල් කොටස් මිලියන විසි එකක් හුවමාරු වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site