( තිළිණි ද සිල්වා )
හස්ත කර්මාන්ත සංවර්ධන සඳහා මෙම වසරට රුපියල් මිලියන 25 ක මුදලක් වෙන් කර ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට අදාල ව්‍යාපෘති යෝජනා ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා යවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.
දිවයින පුරා විසිර සිටින සම්ප්‍රදායික හස්ත කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලියන් 25ක් යනු කෝටි 2.5කි. ඇමතිවරයකුට වාහනයක්වත් මිලට ගත නොහැකි මුදලකි. හස්ත කර්මාන්ත කරුවන් නගාසිටුවීම කෙසේ වෙතත් හස්ත කර්මාන්ත කරුවන් බැලීමට වාහනයකවත් යාමට මෙම මුදල ප්‍රමාණවත් නොවේ. කෙරුවාව මින් මනාව පැහැදිලිවේ.
නිදාගන්න පැදුරුයි, වේවැල් කුඩයි චීනෙන් ගෙන්නනකොට කොහොමද රටේ හස්ත කර්මාන්ත නංවන්නේ?
මේ මුදලින් මොනවා කරන්නද? මේවා නිවුස් වලටත් දානවනේ...
අපිට කර්මාන්තයක් පටන් ගන්න ඕන... ඒකට අත හිතදෙන්න පුළුවන් උදව්වක් දෙන්න.