IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හව් බෙදාහැරීමේ නියෝජිතයන්ට නොමිලේ ඉලෙක්ට්‍රිකල් බයිසිකල්

හච්, වර්තමානයේ පවතින ප්‍රවාහන දුෂ්කරතා සාර්ථකව ජයගැනීමට සහයක් වෙමින් සිය බෙදාහැරීමේ නියෝජිතයන් වෙත ඉලෙක්ට්‍රික් බයිසිකල් ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී.

බොහෝ දියුණුවෙමින් පවතින රටවල මෙන් ශ්‍රී ලංකාවේද ජංගම දුරකථන පාරිභෝගිකයන්ගෙන් සියයට90 ක් පෙරගෙවුම් සේවාවන් සඳහා යොමුව සිටින බැවින් රීචාර්ජ් වවුචර් සහ ඉලෙක්ට්‍රොනික රීලෝඩ් ලබාගැනීමට ඇති පහසුකම අතිශය වැදගත් බවද එම සමාගම සඳහන් කරයි.

මෙම වැඩසටහන මඟින් හච් බෙදාහැරීමේ ජාලය වෙත ඉලෙක්ට්‍රික් බයිසිකල්  200කට අධික සංඛ්‍යාවක් ලබාදෙන අතර එමගින් දීපව්‍යාප්ත වෙළඳ මධ්‍යස්ථාන 75,000කට අධික ගණනක් වෙත සිය ජංගම නිෂ්පාදන අඛණ්ඩව ලබාදීම සහතික කෙරෙනු ඇත.

සිය නවතම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මෙලෙස සඳහන් කළේය. 

“රටේ පවතින ඉන්ධන හිඟය නිසා යතුරුපැදි භාවිතයෙන් අපගේ ජංගම නිෂ්පාදන බෙදාහැරීම ඉතා දුෂ්කර කටයුත්තක් වී ඇති අතර එය පාපැදි සහ පොදු ප්‍රවාහන සේවාවලට සීමාකර ඇත. අත්‍යවශ්‍ය සන්නිවේදන සේවා සපයන්නකු ලෙස, පාරිභෝගිකයන්ට බාධාවකින් තොරව අපගේ සේවා වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට නව සහ කාලෝචිත විසඳුම් අවශ්‍ය බව අපි අවබෝධ කරගත්තෙමු. එයට විසඳුමක් ලෙස හඳුන්වාදුන් මෙම ඉලෙක්ට්‍රික් බයිසිකල් ලබාදීමේ වැඩසටහන අපගේ නිෂ්පාදන වටිනා පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ළඟා වීම සහතික කරනු ඇත.”‍

595



අදහස් (0)

හව් බෙදාහැරීමේ නියෝජිතයන්ට නොමිලේ ඉලෙක්ට්‍රිකල් බයිසිකල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site