
මෙරට සත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුයකු වන හේලීස් සත්ව සෞඛ්‍ය අංශය (Hayleys Animal Health) විසින් ස්ථාපනය කරන ලද පශු වෛද්‍ය ඖෂධ සහ සත්ව ආහාර අතිරේක නිෂ්පාදන කර්මාන්තශාලාව ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසක් දිනාගැනීමට පසුගියදා සමත් විය.
ISO 9001:2015, ISO 14001:2015, ISO 22000:2018, ISO 45001:2018, HACCP, සහ GMP ප්‍රමිති සහතික සමඟින් සිය නිෂ්පාදනවල තත්ව කළමනාකරණය, පාරිසරික තිරසාරත්වය, ආහාර සුරක්ෂිතතාව, වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීම සහ නිෂ්පාදන පිළිවෙත්වල ඉහළම ප්‍රමිති ආරක්ෂා කිරීම හේලීස් සත්ව සෞඛ්‍ය අංශයෙහි අරමුණයි.
ප්‍රමිති සහතික ප්‍රදානෝත්සවය, හේලීස් සමාගමෙහි විධායක අධ්‍යක්ෂිකා සහ හේලීස් ඇග්‍රිකල්ච සමූහයෙහි කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන, හේලීස් ඇග්‍රිකල්ච සමූහයෙහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ලුෂාන් අබේසේකර, හේලීස් ඇග්‍රිකල්ච සමූහයෙහි අධ්‍යක්ෂ සහ හේලීස් සත්ව සෞඛ්‍ය අංශයෙහි සාමාන්‍යාධිකාරී පශු වෛද්‍ය සුසන්ත මල්ලව ආරච්චි, හේලීස් සත්ව සෞඛ්‍ය අංශයෙහි පර් යේෂණ, සංවර්ධන සහ නව ව්‍යාපෘති කළමනාකරු පශු වෛද්‍ය චතුර ප්‍රියදර්ශන, සහ සමූහයෙහි අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සපුගස්කන්ද හි පිහිටි එම නිෂ්පාදන කර්මන්තශාලාවේදී උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. ජාත්‍යන්තර සහතික කිරීමේ ආයතනය නියෝජනය කරමින්, ඕස්ට්‍රේලියාවේ Business Certification Systems ආයතනයෙ හි අධ්‍යක්ෂ සෑම් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හේලීස් සත්ව සෞඛ්‍ය අංශයට ජත්‍යන්තර ප්‍රමිති සහතික