IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හෙල්ත්ගාඩ් නව ඖෂධ අලෙවිසැලක් මාලබේදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සහ සුවතා නිෂ්පාදන සැපයුම් ජාලය මෙන්ම සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශයේ කොටසක් වන හෙල්ත්ගාඩ්, මාලබේ තලාහේන හිදී නව ඖෂධ අලෙවිසැලක් විවෘත කළේය. 

මෙය හෙල්ත්ගාඩ් හි 16 වැනි ඖෂධ අලෙවිසැල වන අතර 2025 වසරේදී විවෘත කරන ලද පළමු ඖෂධ අලෙවිසැල වේ. සිය ඖෂධ අලෙවිසැල් ජාලය කොළඹ නගරයෙන් පිටත ව්‍යාප්ත කිරීමට සහ තදාසන්න ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ඉහළ යන සුව සේවා අවශ්‍යතා සපුරාලීමට හෙල්ත්ගාඩ් හි සැලැස්ම මෙයින් පෙන්නුම් කෙරේ. මෙම නව ඖෂධ අලෙවිසැල හෙල්ත්ගාඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෆර්මාන් නිසාර් මහතා විසින් පැමිණ සිටි අමුත්තන් ඉදිරියේ උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

උත්සවය අමතමින් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෆර්මාන් නිසාර් මහතා ශ්‍රී ලාංකික ජනතාවට සුව සේවා වෙතට ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා හෙල්ත්ගාඩ් හි කැපවීම අවධාරණය කළේය. “අපගේ ඉලක්කය වන්නේ සෑම විටම අපගේ පාරිභෝගිකයාට හොඳම දේ ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන්ට පරිපූර්ණ සුව සේවා සැපයීමයි- ඒවගේම අපගේ වෙළෙඳසැල් වෙත පැමිණෙන සෑම කෙනකුටම ආරක්ෂිත සහ උසස් තත්වයේ සත්කාරයක් ලබා දීමට අප කැපවී සිටිනවා.” යනුවෙන් ඔහු පැවසීය.

හෙල්ත්ගාර්ඩ් හි දැක්මෙහි වැදගත් කොටසක් වන්නේ එහි “Purple Service” සේවාවය. මෙය ඔවුන් පාරිභෝගිකයන්ට සේවය කරන විශේෂ ක්‍රමයක් වන අතර ඔවුන්ගේ ඖෂධ අලෙවිසැල් වෙත පැමිණෙන සෑම කෙනකුටම විශිෂ්ට සැලකිල්ලක් සහ සහයෝගයක් ලබා දීමට ඔවුන් කෙතරම් කැපවී සිටිනවාද යන්න එයින් පෙන්නුම් කරයි. තවද මෙම “Purple Service” මගින් පාරිභෝගිකයන්ට පෞද්ගලික උපදෙස් පවා ලබා දෙනු ලබන අතර සියලු‍ ඖෂධ සඳහා අදාළ වන දැඩි ආරක්ෂක පියවරද අනුගමනය කරයි. එය හෙල්ත්ගාඩ් කෙරෙහි පාරිභෝගිකයන්ගේ විශ්වාසය ගොඩනැගීමට උපකාරී වන අතර සෑම පාරිභෝගිකයකු පිළිබඳව සැලකිලිමත් වන බව ද ඉන් මනාව පෙන්නුම් කරයි. 

ආරම්භයේ සිටම හෙල්ත්ගාඩ් ශ්‍රී ලංකාවේ ඖෂධ ව්‍යාපාරයේ පුරෝගාමී සහ විශ්වසනීය නාමයක් බවට පත්ව ඇත. සමාගම සෑම විටම උසස් තත්වයේ සුව සේවා නිෂ්පාදන ලබා දීම සහ දැඩි ආරක්ෂක ප්‍රමිති අනුගමනය කිරීමට කැපවී කටයුතු කරයි. මාලබේ හි නව ඖෂධ අලෙවිසැලක් විවෘත කිරීම මගින් විශිෂ්ට සේවාවක් සහ සුව සේවා වෙත පහසුවෙන් ළඟා විය හැකි අතරම වැඩි පිරිසකට සේවය කිරීමට ද හැකියාව ලැබේ.



අදහස් (0)

හෙල්ත්ගාඩ් නව ඖෂධ අලෙවිසැලක් මාලබේදී විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site