IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් 20 වැනි සංවත්සරය සමරයි

රට රටවල සංචාරය මෙන්ම වෙනත් විවිධ අවශ්‍යතා වෙනුවෙන් කොළඹට පැමිණෙන විදේශිකයන්ගේ සුවිශේෂී තේරීමක් වන ‘හිල්ටන් කලම්බු රෙසිඩන්සීස්’ මේ වසරේදී සිය 20 වන සංවත්සරය සමරයි.

‘හිල්ටන් කලම්බු රෙසිඩන්සීස්’ හි සුවිශේෂී ගමන්මග සමරමින් පැවැත්වෙන උත්සව රැසක් මේ වසර පුරාම පැවැත්වෙයි. එබැවින් ‘හිල්ටන් කලම්බු රෙසිඩන්සීස්’ වෙත පැමිණෙන අමුත්තන්ට විශේෂ වාසි රැසක් අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

‘හිල්ටන් කලම්බු රෙසිඩන්සීස්’ 20 වැනි සංවත්සරය වෙනුවෙන් නව ලාංඡනයක්ද නිර්මාණය කර තිබේ.  2017 අපි‍්‍රයෙල් මාසයේදී ආරම්භ කළ ”අරමුණක් ඇතිව හමුවන්න” වැඩසටහන යටතේ තිරසාර ප‍්‍රවේශයන් ගණනාවක් කි‍්‍රයාත්මක කළ අතර සියලූම සම පාර්ශ්විකයින් මෙම තිරසාර ප‍්‍රවේශයන් අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත.

තමන් හා එක්ව අත්වැල් බැඳගෙන සිටින අනුග‍්‍රාහකයින් සහ අමුත්තන් සඳහා වසර පුරා උත්සව පැවැත්වීමටද කටයුතු සම්පාදනය කෙරෙමින පවතී.

ප‍්‍රජාවේ විවිධත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන් සියලූ දෙනාම එක වහළක් යටට එක් කිරීමටත් නායකත්වය සඳහා කාන්තාවන් හැඩගැස්වීමටත්, දේශීය ප‍්‍රජාව සඳහා ව්‍යාපෘති මාලාවක් කි‍්‍රයාත්මක කිරීමටත් ‘හිල්ටන් කලම්බු රෙසිඩන්සීස්’ කටයුතු කර සූදානම් කර තිබේ.

20 වැනි සැමරුම් උත්සවයට එක්වූ හිල්ටන් හෝටල සමූහයේ අග්නිදිග ආසියා කලාපයේ, මෙහෙයුම් පිළිබඳ උප සභාපති පෝල් හාටන් මහතා පවසා සිටියේ ‘හිල්ටන්’ හෝටල් සමූහය යටතේ තවත් හෝටල් ගණනාවක් ඉදිකිරීමට සූදානමින් සිටින වාතාවරණයක ශී‍්‍ර ලංකාවේ හිල්ටන් හෝටල සුවිශේෂී සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි.

”මෙවැනි සාර්ථකත්වයක් ලබාගැනීමට හැකිවූයේ දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ හිල්ටන් නාමය ශී‍්‍ර ලංකාව තුළ ස්ථාවරව පවත්වා ගැනීමට හැකිවූ නිසායි.

‘හිල්ටන්’ වැනි සුප‍්‍රකට වෙළඳ නාමයක් දිවයින තුළ කි‍්‍රයාත්මක වීම අනුස්මරණීය සංචාරක අත්දැකීම් තිළිණ කරමින් සංචාරක ව්‍යාපාරයටත් මනා දායකත්වයක් දක්වයි. හිල්ටන් කණ්ඩායම් සාමාජිකයින් බොහෝ දෙනෙකුගේ ජීවිතවලටද එය යහපත් බලපෑමක් ඇතිකරලා තියෙනවා” යයිද පේල් හාටන් මහතා පැවසීය.

විසි වසරක සුවිශේෂී ගමන්මග පිළිබඳව සඳහන් කරමින් හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හි සාමාන්‍යාධිකාරී කරීම් චඞ්ලොව් මහතා පවසා සිටියේ හිල්ටන් වෙළඳ නාමය ශී‍්‍ර ලංකාවේ සවිමත් බැඳීම් ඇතිකර තිබෙන බවත්, එය ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම පිහිටවූ ජාත්‍යන්තර හෝටල් වෙළඳ නාමය වන හෙයින් එහි බලපෑම ඉතා දැඩිව දැනෙන බවත්ය.

”පසුගිය වසර ගණනාව තුළ හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් දහස් ගණනක් අමුත්තන් සඳහා සිය නිවහන වුණා. සෑම දෙනෙකුම සාදරයෙන් පිළිගැනීමට සහ හොඳින් රැකලබා ගැනීමට අපගේ කණ්ඩායම සැදී පැහැදී සිටියා වගේම පසුගිය කාලය තුළ අපට සැමරුම් අවස්ථා ගණනාවක් තිබුණා.

2012 දී අලූතින් සෑදු ‘යුනියන් බෝල්රූම්’ උත්සව ශාලාව, ඉන් පසුව 28 වැනි මහලේ ඉදිකළ නවීන කාමර පෙළ, ඉන්පසුව, පිළිවෙලින් 2014 දී සහ 2015 දී ඉදිකළ ‘බාසිකෝ’ ආපන ශාලාව සහ ‘ෆ්ලෝ’ ආපනශාලාව ඒ අතර ඉදිරියෙන්ම තියෙනවා” යයිද කරීම් චඩ්ලොව් මහතා පැවසීය.

ඔබට පැහැදිලිව පෙනෙන පරිදි අපගේ අමුත්තන් සෑමවිටම නවීතම හා නවෝත්පාදන අත්දැකීම් විඳගැනීමට අපේක්ෂාවෙන් සිටින බැවින් හෝටලය නොකඩවාම නවීකරණය වෙමින් පවතින බව පැවසූ කරීම් චඩ්ලොව් මහතා...

”හිල්ටන් හෝටල සමූහය නවෝත්පාදනය උරුම කරගෙන සිටිනවා. අපගේ අමුත්තන්ට ඉහළම මට්ටමේ ආගන්තුක සත්කාරයක් පිරිනැමීමට කටයුතු කරනවා” යයිද පැවසීය.

මේ වන විට හෝටලයේ 31 වැනි මහලේ සිට 13 වැනි මහල දක්වා කාමර අලූත්වැඩියා කෙරෙමින් පවතී. නවීකරණ කටයුතු කොටසින් කොටස කරනු ලැබේ.

20 වැනි සංවත්සර උත්සව සම්බන්ධයෙන් ‘හිල්ටන් කලම්බු රෙසිඩන්සීස්’ සමාජ මාධ්‍ය ජාලයන් තුළ විස්තර පළ කෙරේ.

 

අධි සුඛෝපභෝගී කාමරයක්

ව්‍යාපාරික පෙලැන්තියට අවශ්‍ය පහසුකම් මෙන්ම විවේකය සඳහාම නිර්මාණය කරන ලද 28 වැනි මහලේ පිහිටි අධි සුඛෝපභෝගී කාමරය රජ යහනකින් මෙන්ම අඟල් 40 එල්.ඊ.ඩී. රූපවාහිනියකින්, වයි-ෆයි පහසුකම් ඇතුළු බොහෝ විශේෂාංග වලින් සමන්විතය.

ෆ්ලෝ ආපාන ශාලාව

‘හිල්ටන් කලම්බු රෙසිඩන්සීස්’ හි නවතම ආකර්ශනය වන ෆ්ලෝ ආපාන ශාලාව ලෝකයේ  ඕනෑම පෙදෙසකදී සොයාගත හැකි ආහාර පාන ඇණවුම් කළ හැකි සථානයකි. එකිනෙකට වෙනස් මුළුතැන්ගේ 5 කින් යුත් ‘ෆ්ලෝ ආපාන ශාලාව’ කොළඹ පිහිටි එවැනි ආකාරයේ පළමු වැන්නයි.

 

 

 

හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් පැරණිතම කණ්ඩායම

හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් 20 වැනි සංවත්සරය සැමරීමේ උත්සවයේදී සම්මාන හිමිකරගත් ආයතනයේ වැඩිම කාලයක් සේවය කළ සාමාජිකයන් හිල්ටන් කලම්බු රෙසිඩන්ස්හි සභාපති කබී විජේතුංග, හිල්ටන් හෝටල සමූහයේ අග්නිදිග ආසියා කලාපයේ මෙහෙයුම් පිළිබඳ උප සභාපති පෝල් හාටන් සහ හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හි සාමාන්‍යාධිකාරී කරීම් චඩ්ලොව් මහතා සමඟ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව.

 

 

හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් සාමාජිකයෝ

හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් 20 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් හඳුන්වාදෙන ලද නව ලාංඡනය තුන්වැනි මහලේ පිහිටි ටෙනිස් පිටිය මත ප‍්‍රතිනිර්මාණය කිරීමට එක්වූ හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් සාමාජිකයෝ

 

පිහිනුම් තටාකය සහ විනෝදාස්වාද තලය

තුන්වැනි මහලේ පිහිටි පිහිනුම් තටාකය අබියස ඇත්තේ විනෝදාස්වාදය වෙනුවෙන්ම සකස් කරන ලද කොටසකි. පෙරවරු 6.00 සිට රාතී‍්‍ර 10.00 දක්වා විවෘත මෙම පිහිනුම් තටාකයට යාබදව කුඩා දරුවන් වෙනුවෙන් වෙනමම පිහිනුම් තටාකයක්ද වෙයි.

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් 20 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 530 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site