
හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් (Heritance Hotels and Resorts) විසින් නිර්මාණය කළ හෙරිටන්ස් රයිස් (Heritance Rise), නියමු කළමනාකරණ පුහුණු වැඩසටහන යටතේ පුහුණු වූ පළමු කණ්ඩායම සිය පුහුණුව ඉතා සාර්ථකව නිමකිරීමෙන් පසුව ඔවුන්ගේ උපාධි ප්‍රදානෝත්සවය උත්සවාකාරයෙන් පවත්වන ලදී.
සමාගම විසින් දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතින ‘හෙරිටන්ස් රයිස්’ වැඩසටහන යටතේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ගුණාත්මක නව පරපුරක් නිර්මාණය කරන වැඩපිළිවෙළෙහි වැදගත් සන්ධිස්ථානයක් මෙලෙස සනිටුහන් විය.
හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් හි දිගුකාලීන දැක්මෙහි කොටසක් ලෙස සංචාරක ක්ෂේත්‍රයේ මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව කර්මාන්තයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික විශේෂඥතාව, නායකත්ව ඥානය සහ උපායමාර්ගික අවබෝධයෙන් අභිලාෂකාමී වෘත්තිකයන් සන්නද්ධ කිරීම සඳහා හෙරිටන්ස් රයිස් වැඩසටහන යටතේ මාස දහඅටක පුහුණු වැඩසටහන නිර්මාණය කරන ලදී. 2025 වසරේ මෙලෙස සමත්වන කණ්ඩායමට කඩිනම් වැඩසටහනේ අදියර තුනම අවසන් කළ සුවිශේෂි සිසුන් සයදෙනකු ද ඇතුළත් වේ.
ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ වටිනාකම් දාමය සම්පූර්ණයෙන්ම නිරාවරණය කිරීමේ අරමුණින් ව්‍යුහගත කර ඇති හෙරිටන්ස් රයිස් වැඩසටහන මෙහෙයුම් සහ කළමනාකරණ යන ද්විත්වයම ඒකාබද්ධ කරමින් ඉගෙනගැනීමට අවස්ථාව හිමි කර දෙයි. පළමු අදියරේදී, පුහුණුවන්නන් ඔවුන්ගේ මූලික විෂය ක්ෂේත්‍රයට අදාළ පුළුල් අවබෝධයක් ලබාගත් අතර, දෙවැනි අදියරේදී අනෙකුත් ක්ෂේත්‍රවල අත්දැකීම ලබාදීම සඳහා හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් හි දේශීය හෝටල් සහ නිවාඩු නිකේතනවල කටයුතු අධ්‍යයනය කරමින් කණ්ඩායම හරස්-ක්‍රියාකාරී පුහුණුවක් ලැබූහ. මෙම පුහුණුවන්නන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාදීම සඳහා ඉන්දියාවේ, මාලදිවයිනේ සහ ඕමානයේ පිහිටි එයිට්කින් ස්පෙන්ස් ආයතනයට අයත් හෝටල් සහ නිවාඩු නිකේතනවල පුහුණු වීමේ කටයුතු තුන්වැනි අදියරේදී සිදුකෙරිණි. පසුව ආයතනික පරිසරයට නිරාවරණය වීමෙන් පුහුණුවන්නන්ට හෝටල් කළමනාකරණයේ උපායමාර්ගික සහ පරිපාලන අංශ තේරුම් ගැනීමට හැකි විය. අවසන් මාස හයක කාලය තුළ සෑම පුහුණුවන්නකුටම තෝරාගත් ප්‍රදේශයක කළමනාකරණ භූමිකාවක් ගැඹුරින් අධ්‍යයනය කිරීමට සහ ව්‍යාපාර ව්‍යාපෘතියක නිරත වීමට ඉඩ සැලසුණු අතර, සංවිධානය තුළ සහකාර දෙපාර්තමේන්තු ප්‍රධානියකුගේ භූමිකාවට අනුයුක්තව කටයුතු කිරීමෙන් ඔවුන්ගේ සුදුසුකම් සැපිරීම අවසන් විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයිට්කින් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී (Aitken Spence Hotels Holdings PLC) සභාපතිනි ස්ටෂානි ජයවර්ධන මහත්මිය මෙසේ පැවසුවාය.
“ව්‍යූහාත්මක දක්ෂතා සංවර්ධනයෙන් ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සඳහා අපේ දායකත්වය නියෝජනය කරන්නෙ මේ හෙරිටන්ස් රයිස් වැඩසටහන. මේ පාඨමාලාව නිමාකරන කණ්ඩායම ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන නවෝත්පාදනය, ඔරොත්තු දීමේ හැකියාව සහ විශිෂ්ටත්වයේ ජීවගුණය මූර්තිමත් කරනවා. මේ කර්මාන්තය අභියෝග සහ අති විශාල අවස්ථා යන කාරණා දෙකටම මුහුණදෙන මොහොතක දක්ෂ, ඉදිරිගාමී වෘත්තිකයන් පෝෂණය කිරීම අපේ සමාගමට පමණක් කරන ආයෝජනයක් නෙමෙයි, සමස්ත අංශයේම වර්ධනයට කරන දායකත්වයක්. ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ අර්ථවත් වෙනසක් ඇති කිරීම සඳහා දැනුම, විශ්වාසය සහ දැක්මෙන් සමන්විත මෙම පළමු කළමනාකරණ අභ්‍යාසලාභීන් කණ්ඩායම නායකත්ව භූමිකාවන්ට පිවිසීම දැකීම ගැන අපි ආඩම්බර වෙනවා.”
2025 නොවැම්බර් මස 21
106
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
194
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් අනුබද්ධිත ‘හෙරිටන්ස් රයිස්’ කළමනාකරණ අභ්‍යාසලාභීන්‌ගේ උපාධි ප්‍රදානෝත්සවය 2025 සාර්ථකව