IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


හේමාස් සමූහයෙන් කොළඹ ජාතික රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක්

 

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන් හඳුනාගැනීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා හේමාස් සමාගම කොළඹ ජාතික රෝහලට පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් පරිත්‍යාග කර ඇත.

හේමාස් සමාගම වෙනුවෙන් හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රය පරිත්‍යාග කළ අතර කොළඹ ජාතික රෝහල වෙනුවෙන් ශ්‍රී ලංකා හෘදරෝග විද්‍යාලයේ හිටපු සභාපති සහ ජාතික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර මහතා යන්ත්‍රය බාර ගත්තේ ය.

විවිධ බරපතළ රෝගී තත්ත්වවල සිටින රෝගීන් හඳුනාගනිමින් ඔවුන් කඩිනම් ප්‍රතිකාර සඳහා යොමුකර වයිරසය ආසාදනය වී ඇත්නම් ඔවුන්ට සාර්ථකව ඊට මුහුණ දීම සඳහා සූදානම් කිරීමට මේ මගින් අවස්ථාව උදා වනු ඇතැයි හේමාස් සමාගම සඳහන් කරයි.

එම කාලීන අවශ්‍යතාව හඳුනාගනිමින් කොළඹ ජාතික රෝහලට මෙම නවීන පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රය හේමාස් සමාගම කියයි.කොළඹ ජාතික රෝහලෙන් කරන ලද ඉල්ලීමකට අනුව හේමාස් සමාගම මෙම පරිත්‍යාගය කර තිබේ.

ඉල්ලීම පිළිගෙන කෙටි කාලයක් ඇතුළත මෙම යන්ත්‍රය රෝහලට ගෙන්වා දීම සම්බන්ධයෙන් හේමාස් සමාගමේ කළමනාකාරීත්වයට ස්තූතිය පළ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර මහතා කීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය අමරසේකර මහතා මෙසේ ද කීය.

‘‘ජාතික රෝහල මෙතෙක් ‘කොවිඩ්-19’ වයිරසයට ප්‍රතිකාර කරන විශේෂ රෝහලයක් ලෙස වර්ගීකරණය කර නොතිබූ නිසා මින් පෙර පී.සී.ආර් යන්ත්‍රයක අවශ්‍යතාවක් මතු වූයේ නැහැ. මෙම යන්ත්‍රය හරහා පරීක්ෂණ රෝහල තුළ ම සිදු කිරීමට හැකිවන බැවින් එමගින් බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඇති පීඩනය යම් තරමින් අවම කර වයිරසය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අපට ඇති හැකියාව තවදුරටත් වර්ධනය වනවා."

මෙහිදි අදහස් දැක්වූ හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මෙසේ කීවාය.

‘‘සමස්ත රටම මෙම වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා එක්ව කටයුතු කරන මේ මොහොතේ හේමාස් සමාගම ද ශ්‍රී ලංකා රජයටත්, මහජන සෞඛ්‍ය පද්ධතියටත් අවශ්‍ය සහයෝගය ලබා දීමට අඛණ්ඩව කැපවනවා. වසර ගණනක් පුරා හේමාස් සමාගම මෙරට පවුල් අතර සෞඛ්‍යසම්පන්නව ජීවත් වීමේ අභියෝගය යතාර්ථයක් බවට පත් කිරීම සඳහා වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස කටයුතු කර තිබෙනවා. අප ඉදිරියේ ඇති අභියෝගය ජය ගැනීම සඳහා එකාවන්ව එක්වන ලෙස අපි සියලු ශ්‍රී ලාංකිකයන් හට ආරාධනා කර සිටිනවා."

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රෝහලේ සහ හේමාස් සමූහයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

055



අදහස් (3)

හේමාස් සමූහයෙන් කොළඹ ජාතික රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක්

Kamal Koyrala Thursday, 24 December 2020 09:31 AM

බොහොම හොදයි... හැබැයි පැණි බීලා... මුට්ටි හැලුවා වගේ මෙ පරිත්‍යාගයත් බිල්ලට දෙන්න එපා....

:       0       10

Abaran Friday, 25 December 2020 01:32 AM

නොදකිං...‍ රට බංකොළොත් වුණාට පාර්ලිමේන්තුවේ ඉන්න අය බංකොළොත් නැහැනේ...

:       0       0

kamal Thursday, 31 December 2020 08:16 AM

යන්තරෙ නොමිලේ... අපෙන් පරීක්ෂණ කට්ටල සල්ලි දීලා ගන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 633 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1039 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site