IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හම්බන්තොට වරාය කාර්මික කලාපයෙන් වසරක් ඇතුළත ගෘහ උපකරණ

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) ඔවුන්ගේ කර්මාන්ත කලාපයේ වේගවත් ප්‍රගතිය සඳහා “HIPG Speed” යන නව සංකල්පය වරායේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (SOP) සමඟ ඒකාබද්ධ කර ඇතැයි එම සමාගම සඳහන් කරයි.

මෑතකදී ගිවිසුම් අත්සන් කළ තම හවුල්කරු වන ෂෙන්ෂෙන් ෂින්ජි සමූහය සමඟ, හම්බන්තොට වරාය, “Plug and play” (පිරිනිමි) සංකල්පය ළඟදීම හඳුන්වා දෙනු ඇති අතර එහි උන්නතිය වෙනුවෙන් ‘‘HIPG Speed” වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයිද එම සමාගම කියයි.

ෂින්ජි සමූහයේ සභාපති යැං ලින් මෙසේ සඳහන් කළේය. “අපගේ නවීන ප්‍රමිතිගත කර්මාන්ත ශාලාව මාස 12 ක් තුළ ගෘහ උපකරණ නිෂ්පාදනය කිරීමට සූදානම්. හම්බන්තොට කර්මාන්ත කලාපයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අනෙකුත් ව්‍යවසායන් සඳහා සහය දක්වන ඉන්කියුබේටරයක් ලෙස ක්‍රියා කිරීමයි අපගේ සංකල්පයෙන් සිදු වන්නේ.”

“HIPG Speed” යනු, අපගේ ගනුදෙනුකරුවන්ට ප්‍රශස්ත සහාය සමඟ මෙහෙයුම් ආරම්භ කිරීමට ඇති පැහැදිලි දිශාව පෙන්වමින් ඉදිකිරීම් බාධක ඉවත් කරමින්, සැපයුම් සහාය, ස්ථානීය ගවේෂණ, උපකරණ සකස් කිරීම, පුහුණුව යනාදිය සැපයීම සහතික කරන සංකල්පයක් ෂින්ජි ව්‍යාපෘතිය ගත් කල, ව්‍යාපෘතිය අත්සන් කිරීමේ සිට ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා අපට ගත වූයේ දින 20ක සුළු කාලයක් පමණි”,යැයි HIPG වරාය ආයෝජන සේවා, නීති හා ආයතනික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ සමාන්‍යාධිකාරි ටිම් ෂියාඕ මහතා පැවසීය.

ෂින්ජි “ඉලෙක්ට්‍රොනික් සැකසුම් කලාපය” ඉදිකිරීමෙන් අනතුරුව එය ගෘහ උපකරණ නිෂ්පාදනය හා වෙළඳාම ස්වාධීනව සිදුකිරීමේ වේදිකාව වනු ඇත. එමෙන්ම එක් ප්‍රමිතියකට නිම කළ කම්හල් ඉදිකිරීම, බදු දීම සහ ක්‍රියාත්මක කිරීම තුළින්, නිෂ්පාදන සහ බෙදාහැරීම් කටයුතු සිදු කරන ව්‍යාපාර සඳහා “එක් නැවතුම්පොළ සේවා” (one-stop service) පහසුකම් සැපයෙනු ඇත.

 



අදහස් (0)

හම්බන්තොට වරාය කාර්මික කලාපයෙන් වසරක් ඇතුළත ගෘහ උපකරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site