IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හම්බන්තොට වරාය ‘අපේක්ෂාවේ ව්‍යාපෘතිය’ අරඹයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සිය ප්‍රමුඛතම ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘අපේක්ෂාවේ ගම්මානය’ (Hope Village) අරඹනු ලැබීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලු‍ණුගම්වෙහෙර කොට්ඨාසයේ කැන්දගස්මන්කඩ ගම්මානයේ පිහිටුවන මෙම ව්‍යාපෘතියට, ප්‍රජා මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා මණ්ඩපයක් ඇතුළත් වන අතර  ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 60කට අධිකය.

 ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතාය. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ කළමනාකාරීත්වය, කොළඹ ජාත්‍යන්තර බහාලු‍ම් පර්යන්තයේ (CICT) සහ නිර්මල පදනමේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක් වූහ.

උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ චීන තානාපති චී. ජෙන්හොන් මහතා මෙසේ පැවසීය. 

“චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සියවස් විස්සකටත් වඩා පැරණි එකක්.  දේශීය හා ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද එය ජාතීන් දෙකේ හදවත් තුළ ගැඹුරින් මුල්බැස තිබෙනවා. චීනය සහ ශ්‍රී ලංකාව දුෂ්කර කාලවලදී එකිනෙකාට උපකාර කර ඇති අතර අනාගතයේදීත් චීනය එසේ කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව, දරිද්‍රතාව පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට චීනය අපේක්ෂා කරනවා. අපේක්ෂාවේ ගම්මාන වැඩසටහන සාර්ථක ව්‍යාපෘතියක්. එමඟින් අන්‍යොන්‍ය සැබැඳියාව වැඩිදියුණු වී ගම්වාසීන්ගේ ජීවන රටාවද නඟාලනු ඇති.”

තානාපතිවරයා ගමේ ප්‍රජා මධ්‍යස්ථානයේ, ‘චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව තොරතුරු තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානය‘ ලෙස නම්  කිරීමට නියමිත තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයට, මූලික තාක්ෂණ උපකරණ ප්‍රදානය කළේය. 

ගම්මානයේ කුඩා ළමයින්ට සෙල්ලම් බඩුද  පරිත්‍යාග කරන ලදී.  ඒ අතර, HIPG සහ CICT කණ්ඩායම් විසින් ‘අපේක්ෂාවේ ගම්මාන’ සඳහා සිදු කළ  අනුග්‍රහයට සමගාමීව, ප්‍රදේශයේ පන්සලටද මුදල් පරිත්‍යාගයක් පිරිනමන ලදී.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

හම්බන්තොට වරාය ‘අපේක්ෂාවේ ව්‍යාපෘතිය’ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 344 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site