විමුක්ති එස් රුද්‍රිගු
හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 වටිනාකමින් යුත් සයිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එහි නොවිසඳුනු ගැටලු සාකච්ඡා කිරීමට චීනයේ සයිනොපෙක් සමාගමේ උප සභාපති ලුයූ ලියැන්ගොං මහතා ඇතුළු දස දෙනකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් ඊයේ (15) විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මුණ ගැසුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පැවැති ගැටලුවලින් විශාල ප්‍රමාණයක් විසඳා ගැනීමට අමාත්‍යවරයා මෙතෙක් ලබාදී ඇති සහයෝගය සයිනොපෙක් සමාගමේ උප සභාපතිවරයා එහිදී අගය කළ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.අමාත්‍යවරයා ලබාදුන් සහයෝගය හේතුවෙන් දිනකට බැරල් ලක්ෂ 02ක් දක්වා නිෂ්පාදනය කිරීම සඳහා වන මෙම ව්‍යාපෘති ගිවිසුම ඉකුත් ජනවාරි මස අත්සන් කිරීමට හැකි වූ බව ලියැන්ගොං මහතා එහිදී ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
හමුවේදී ලියැන්ගොන් මහතා, ව්‍යාපෘතිය ආරම්භ කිරීම වළක්වාලන ගැටලු කීපයක් විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවද එම අමාත්‍යාංශය පැවැසුවේය. මෙම ව්‍යාපෘතිය රටවල් දෙකටම වැදගත් වන ව්‍යාපෘතියක් හෙයින් එම ගැටලු ඉතා ඉක්මනින් විසඳීමට මැදිහත් වන ලෙස ද ලියැංගොං මහතා විජිත අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත.
ශ්‍රී ලංකාව සහ එහි ආර්ථිකයට විදේශ ආයෝජනවලින් සිදුවන ධනාත්මක බලපෑම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ගැටලු ඉතා ඉක්මනින් විසඳීමට තමා මැදිහත් වන බවට අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී එකඟතාව පළකළ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. ඒ අනුව ප්‍රමාදයකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දෙපාර්ශවය එකඟතාවක් ඇතිකර ගත් බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඉක්මනින් අරඹන්න එකඟතාවක්