IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


හමීඩියා වෙතින් ඉන්දිරා පිළිකා භාර පදනමට රුපියල් මිලියනයක පරිත්‍යාගයක්

හමීඩියා ආයතනය, ඉන්දිරා පිළිකා භාරය සමගින් පසුගිය වසර කිහිපය පුරාවට පවත්වාගෙන ගිය සහයෝගීතාව තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යමින්, පදනම වෙත පසුගියදා රුපියල් මිලියනයක පරිත්‍යාගයක් සිදු කරන ලදී.

මෙම පරිත්‍යාගය හමීඩියා හි ‘Pink Collection’ ඇඟලුම් නිර්මාණ එකතුවේ නවතම විකුණුම් ආදායම වූ අතර, ‘Pink Collection’ ඇඟලුම් නිර්මාණ එකතුව හමීඩියා ආයතනය විසින් ඉන්දිරා පිළිකා භාර පදනමේ ‘On Wednesdays we wear Pink’ ව්‍යාපෘතියට සහාය දැක්වීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර අලෙවි කරන ලද කාන්තාවන් සහ පිරිමින් සඳහා වූ විශේෂ රෝස වර්ණයේ ඇඟලුම් නිර්මාණ එකතුවකි. මෙය හමීඩියා සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාර ඒකකය වන My Friend පදනමේ සමාජ වගකීම් පොරොන්දුව යටතේ සිදුකරන ලද මුලපිරීමකි.

මෙම පරිත්‍යාග උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ රොෂාන් මහානාම සහභාගි වූ අතර, ඉන්දිරා පිළිකා භාර පදනමේ සභාපතිනිය/ භාරකාර වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක, හමීඩියා ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් යන මහත්ම මහත්මීන් ඇතුළුව ඉන්දිරා පිළිකා භාරයේ සහ හමීඩියා ආයතනයේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

පසුගිය වසරේ හමීඩියා ආයතනය විසින් ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ එක්ව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සිය කාර්ය මණ්ඩල පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා අධ්‍යාපනික වැඩසටහනක් සංවිධානය කරන ලදී. එමෙන්ම ඉන්දිරා පිළිකා භාරය විසින් පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා දියත් කරන ලද ‘On Wednesdays we wear Pink’ ප්‍රචාරණ ව්‍යාපෘතියට ද හමීඩියා ආයතනය සහභාගි විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සමඟ එක්ව දියත් කරන ලද මෙම දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය කාන්තාවන්ට තමන් විසින්ම අසාමාන්‍යතා හඳුනා ගැනීමට දැනුවත් කිරීම සඳහා දියත් කරන ලද TLC (Touch – Look - Check) ව්‍යාපෘතියේ තවත් එක් අංගයකි.

හමීඩියා ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මෙසේ සිය අදහස් දැක්වීය.

“හමීඩියා හි අපි අපගේ කාන්තා ශ්‍රම බළකාය අගය කරන අතර ඔවුන්ගේ වෘත්තීය ප්‍රගතියට සහ ජීවිතය සාර්ථක කර ගැනීමට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඔවුන් සිටිය යුතු බව සෑම විටම අවධාරණය කරනවා. ප්‍රමුඛතම ඇඟලුම් සන්නාමයක් ලෙසින් ‘On Wednesdays we wear Pink’ ව්‍යාපෘතියට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ ප්‍රථම ආයතනය හමීඩියා ආයතනයයි. ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ එක්ව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන් තුළින් ඒ පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට සහ අර්ථවත් සංවාද ඇති කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බර වන අතර ඉදිරියටත් ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ දිගටම කටයුතු කරන්නට බලාපොරොත්තු වනවා.”

595



අදහස් (1)

හමීඩියා වෙතින් ඉන්දිරා පිළිකා භාර පදනමට රුපියල් මිලියනයක පරිත්‍යාගයක්

fairoos Wednesday, 11 January 2023 07:09 PM

ඉතාම හොඳයි... හැමෝටම පින්...

:       0       3

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 70 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 24 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 354 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 210 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 302 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 258 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 515 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1976 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site