ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන හමීඩියා, සිය පැලවත්ත H Sports ශාඛාව නැවත විවෘත කිරීම සමරමින්, නැවුම් නව වෙළෙඳසල් සංකල්පයක් සහ සුවිශේෂී ක්‍රියාකාරී ඇඳුම් එකතුවක් එළිදැක්වීය.
බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ අංක 724 දරන ස්ථානයේ පිහිටා ඇති H Sports ප්‍රදර්ශනාගාරය, විලාසිතාව, සුවපහසුව සහ ක්‍රියාකාරීත්වය ඒකාබද්ධ කරන, උසස් තත්වයේ ක්‍රීඩා ඇඳුම් සොයන ක්‍රීඩා ලෝලීන්ට සහ යෝග්‍යතා ලෝලීන්ට එකම වහලක් යටදී උසස් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම සඳහා සුවපහසු ස්ථානයක් ලෙස නිර්මාණය කර ඇත. මෙම ප්‍රදර්ශනාගාරයේAdidas, Nike, Campus iy H Active ඇතුළු ප්‍රකට සන්නාමවලින් ජාත්‍යන්තර තලයේ ක්‍රියාකාරී ඇඳුම්, මලල ක්‍රීඩා ඇඳුම්, පාවහන් සහ උපාංග විලාසිතා පෙළක් තිබේ.
මෙම නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම සිග්නේචර් අධ්‍යක්ෂ අම්ජාඞ් හමීඩ් සහ හමීඩියා කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයන් ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ශරීර සුවතා මධ්‍යස්ථානයට, වෘත්තීය පුහුණු සැසි හෝ ක්‍රීඩා කටයුතු සඳහා සුදුසු විලාසිතාමය ඇඳුම් රාශියක් H Sports හි නවතම ක්‍රියාශීලි ඇඳුම් එකතුවෙන් ඉදිරිපත් කර තිබේ.
නැවත දියත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් හමීඩියා කළමනාකාර අධ්‍යක්ෂ, ෆවුසුල් හමීඩ් මහතා මෙසේ පැවසීය. “H Sports සැමවිටම මිනිසුන්ට වඩාත් හොඳ සෟඛ්‍ය සම්පන්න, ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට බලගැන්වීම සඳහා කැපවී සිටිනවා. H Sports පැලවත්ත ශාඛාව නැවත විවෘත කිරීමත් සමග, ක්‍රියාශීලීත්වය සහ විලාසිතා යන දෙකම දිරිගැන්වීම සඳහා නිර්මාණය කර ඇති අවකාශයක් අපි නැවත හඳුන්වා දී තිබෙනවා. පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ අත්දැකීමක් සහ හොඳම ක්‍රීඩා ඇඳුම් සමග ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වැළඳ ගැනීමට ශ්‍රී ලාංකිකයන් පෙළඹවීම අපගේ ඉලක්කයයි.”
ශ්‍රී ලංකාව පුරා පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා සහ ක්‍රීඩා විනෝදාස්වාද ඇඳුම් වෙත ප්‍රවේශය ලබා දෙමින් H Sports පැලවත්ත අලෙවිසලට අමතරව, කොළඹ 07, රේස්කෝර්ස් ප්‍රොමනේඩ් සහ ඛ/317, කැන් L/317 සිටි සෙන්ටර්, මහනුවර, යන ස්ථානවලද අලෙවිශාඛා පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 04
380
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
436
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හමීඩියා, Adidas” Nike iy Campus tlaj H Sports පැලවත්ත ශාඛාව නැවත විවෘත කරයි