ප්‍රකට ව්‍යාපාරිකයකු සහ ව්‍යවසායකයකු වන නිමල් පෙරේරා මහතා ‘හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගමේ’ සභාපති ධුරයට පත් කරනු ලැබ සිටී.
මුදල් අමාත්‍යාංශය විසින් මෙම පත් කිරීම කරනු ලැබ තිබේ.
හෙතෙම මීට පෙර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය, නොරිටාකේ සමාගමේ උපදේශක, ලංකා ලොජිස්ටික්ස් ඇන්ඞ් ටෙක්නෝලොජීස් සමාගමේ සභාපති, වෝටර්ස් එජ් සමාගමේ සභාපති, ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති යනාදී තනතුරු රැසක් හොබවා ඇත.
ව්‍යාපාරික, මූල්‍ය, කළමනාකරණ, ගිණුම්කරණ හා විගණන යනාදී ක්ෂේත්‍ර රැසක වසර 30ක අත්දැකීම් ඇති නිමල් පෙරේරා මහතා සමාගම් රැසක ඉහළ පෙළේ තනතුරු හොබවා ඇත.
ඉෂාන් ප්‍රියන්ත දන්තනාරායන, පී. ප්‍රියන්ත දෙනියාය, ජේ.එම්.යූ. ප්‍රියන්ත ජයමහ, වී. කනගසභාපති, එම්.කේ. ප්‍රදීප් කුමාර යන මහත්වරුන් සහ දීෂනා එස්. අමරසේකර මහත්මිය ‘හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd