භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බලපත්‍රලාභි වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, රුපියල් බිලියන 10ක් වටිනා බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර අතැයි පවසයි. ඒ සඳහා වන අනුමැතිය පසුගියදා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ලබාදී තිබේ.
ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ජ්‍යෙෂ්ඨ තිරසාර බැඳුම්කර ලෙස මෙම නිකුතුව සිදු කරන බව බැංකුව සඳහන් කරයි. මෙහිදී මූලික නිකුතුව ලෙස බැඳුම්කර කොටස් මිලියන 50ක් නිකුත් කෙරෙන අතර, ඊට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් කොටස් මිලියන 50ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. මෙම එක් බැඳුම්කර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුව හරහා රැස් කිරීමට අපේක්ෂා කරන අරමුදල රුපියල් බිලියන 10කි. මෙම බැඳුම්කර වසර 5කින් සහ වසර 7කින් කල්පිරෙන ලෙස නිකුත් කෙරෙන බවත් බැංකුව පවසයි. මෙම නිකුතුව විවෘත කිරීම වෙළෙඳ පොළ තත්ත්වයන් සහ සියලුම ආකාරයේ නියාමන අනුමැතීන්ට යටත්ව සිදු කෙරෙන බවත් බැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd