භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බලපත්‍රලාභි වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, රුපියල් බිලියන 10ක් වටිනා බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර අතැයි පවසයි. ඒ සඳහා වන අනුමැතිය පසුගියදා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ලබාදී තිබේ.
ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ජ්‍යෙෂ්ඨ තිරසාර බැඳුම්කර ලෙස මෙම නිකුතුව සිදු කරන බව බැංකුව සඳහන් කරයි. මෙහිදී මූලික නිකුතුව ලෙස බැඳුම්කර කොටස් මිලියන 50ක් නිකුත් කෙරෙන අතර, ඊට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් කොටස් මිලියන 50ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. මෙම එක් බැඳුම්කර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුව හරහා රැස් කිරීමට අපේක්ෂා කරන අරමුදල රුපියල් බිලියන 10කි. මෙම බැඳුම්කර වසර 5කින් සහ වසර 7කින් කල්පිරෙන ලෙස නිකුත් කෙරෙන බවත් බැංකුව පවසයි. මෙම නිකුතුව විවෘත කිරීම වෙළෙඳ පොළ තත්ත්වයන් සහ සියලුම ආකාරයේ නියාමන අනුමැතීන්ට යටත්ව සිදු කෙරෙන බවත් බැංකුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැටන් නැෂනල් බැංකුවෙන් රු. බි.10ක බැඳුම්කර නිකුතුවක්