IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


හැටන් නැෂනල් බැංකුව සෞදි රික්තය පුරවයි

සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ බැංකු කටයුතු දිරිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව මගින් දින  පහක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. එම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ සිට මෙහි පැමිණි  බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (තැන්පතු සහ ප්‍රේෂණ) කැලුම් විජේසුරිය මහතා නැගෙනහිර පළාත සංචාරයක නිරතවූ අතර අල් කොබාර් කාල්ටන් හෝටල් සංකීර්ණයේදී මාධ්‍ය හමුවක්ද සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලාංකික වෘතිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජකයන්  කිහිපදෙනෙක්ම හමුවු මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ විජේසුරිය මහතා පැවසුවේ මෙතෙක් කලක් සෞදි අරාබියේ සිට හැටන් නැෂනල් බැංකුව වෙත මුදල් ප්‍රේෂණය කිරීම සහ ගිණුම් ඇරඹීම  සදහා උපදෙස් ලබාදීමට තම බැංකුවේ නියෝජිතයකු නොමැති වීමේ හේතු මත ඇතිවී තිබෙන රික්තය හැකිතාක් දුරට අවම කිරීම මෙම ප්‍රවර්ධන වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ බවය.

ඔක්තෝබර් 2 වැනි දා දක්වා බැංකු ප්‍රවර්ධන වැඩසටහන සෞදි අරාබියේ ක්‍රියාත්මක වන අතර හෙට (30) සහ අනිද්දා (1) දිනවල රියාද් නුවර පිහිටි ශ්‍රී ලංකාව හා ගනුදෙනු කරන සෞදි අරාබි  බැංකුවල   නිලධාරින් හමුවී සාකච්ජා කිරීම සඳහා කාලවේලාවන් වෙන් කර ඇති බවත් තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව කෙටි කාලයකදී තම බැංකුවේ බලයලත් සංචාරක  නිලධාරියකු මෙරටට එවීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

මෙම ප්‍රවර්ධන වැඩසටහන සදහා සංචාරක අනුග්‍රාහකත්වය අල්රාජි බැංකුව විසින් ලබාදී තිබු අතර මාධ්‍ය හමුව සඳහා අල්රාජී බැංකුව වෙනුවෙන් බැංකුවේ සේවය කරන (ශ්‍රී ලාංකික) එම්.නවරත්නම් මහතා සහ මොහොමඩ් ඉක්බාල් මහත්වරු ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් චාලි තලයරත්න විදෙස් ගත ශ්‍රී ලාංකික සංසදයේ සභාපති එල්.එස් පතිරාජ මහත්වරුන් කණ්ඩායමක් සහභාගී වුහ.  

DSC05019[1] DSC05020[1] DSC05022[1] DSC05029[1]

 



අදහස් (0)

හැටන් නැෂනල් බැංකුව සෞදි රික්තය පුරවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site