IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හැටන් නැෂනල් ප්‍රධාන තනතුරු දෙකකට නව මුහුණු

බිමල් පෙරේරා

චන්දිම කුරේ


හැටන් නැෂනල් බැංකුවේ (HNB)  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන වර්ධන නිලධාරී ලෙස බිමල් පෙරේරා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී ලෙස චන්දිම කුරේ පත් කර ඇති බව නිවේදනය කර ඇත.

ආයතනික කළමනාකරණ මට්ටමේ නායකත්ව කණ්ඩායමට මෙම උපාය මාර්ගික එකතු කිරීම්, වර්තමාන ගතික ව්‍යාපාරික පරිසරය තුළ වටිනාකම් එකතු කිරීමේ වර්ධනයක් සහ පුරෝගාමී නවෝත්පාදන ඇති කිරීමට බැංකුවේ කැපවීම අවධාරණය කරයි.

බිමල් පෙරේරා දශක දෙකකට අධික ආයතනික උපාය මාර්ග, ආයෝජන මූල්‍යඅවදානම් කළමනාකරණය සහ ඩිජිටල් මූල්‍ය සේවා පිළිබඳ පුළුල් විශේෂඥ දැනුමක් ඇත්තෙකි.

චන්දිම කුරේ යනු සංකීර්ණ ව්‍යාපාරික අභියෝග විසඳීම සඳහා තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති දූරදර්ශී නායකයෙකි. නව්‍ය මානසිකත්වය සහ ව්‍යවසායකත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලන කුරේ,කර්මාන්ත හරහා අඛණ්ඩව බලපෑම් සහගත විසඳුම් ලබා දී ඇත. 

යුනිලීවර් සහ මාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමඟින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ කුරේ, සිය තාක්ෂණික නවෝත්පාදන වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමට ලක්විය.

හේමාස් හෝල්ඩිංග්ස් PLCප්‍රධාන ක්‍රියාවලි නිලධාරී, ප්‍රධාන ඩිජිටල් නිලධාරී සහ එහි ව්‍යාපාර අංශය වන, කොන්සෙප්ට් වෙන්චර් හි විධායක අධ්‍යක්ෂ ඇතුළු නායකත්ව භූමිකාවලට ඔහු දායක විය.

තොරතුරු තාක්ෂණ පරිවර්තන මෙහෙයවීම, ආරම්භක පරිසර පද්ධති පිහිටුවීම සහ ප්‍රධාන අංශ සඳහා ඩිජිටල් භූ දර්ශන නිර්මාණය කිරීම සඳහා චන්දිම කුරේගේ දායකත්වය හිමිවිය.



අදහස් (0)

හැටන් නැෂනල් ප්‍රධාන තනතුරු දෙකකට නව මුහුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site