IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හෙට දවසේ නායකයන්ට අවස්ථා විවර කරන EDEX Mid-Year Expo 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය වන EDEX Mid-Year Expo 2025, සැප්තැම්බර් මස 13-14 යන දෙදින කොළඹ BMICH හිදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය සිසුන්, රැකියා සොයන්නන් සහ වෘත්තිකයන් සඳහා දේශීය මෙන්ම විදේශීය අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා සඳහා දොරටු විවර කරනු ඇත.

මෙවර ප්‍රදර්ශනයට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන 50 කට ආසන්න ගණනක්, සමාගම් 10 ක් සහ ඩුබායි හා ඉන්දුනීසියාවෙන් විදේශීය නියෝජිතයන් පිරිසක් ද සහභාගී වන අතර, ප්‍රදර්ශනයට සහභාගිවන්නන් සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි උසස් අධ්‍යාපන හා රැකියා අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දෙනු ඇත. තවද මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ගෝලීය වශයෙන් තරගකාරී වීමට පෙළඹවීම සහ සවිබල ගැන්වීම යන සිය මෙහෙවර අඛණ්ඩව ඉටු කරයි.

“අපගේ අවධානය සැමවිටම යොමුවී ඇත්තේ නිරන්තරයෙන් වෙනස් වන ලෝකයක සාර්ථකත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ අවස්ථා තරුණ තරුණියන්ට ලබාදීම කෙරෙහියි. EDEX Mid-Year Expo යනු ගෝලීය තරගකාරිත්වයට පිවිසීමේ මාර්ගයක් වන අතර එය අධ්‍යාපනයට සහ වෘත්තීන්ට පමණක් සීමා වූ වේදිකාවක් නොවේ.” යනුවෙන් EDEX සභාපති මහින්ද ගලගේදර මහතා පැවසීය.

EDEX හි ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන EDEX 365, සැප්තැම්බර් 5 වැනි දින කැකිරාව ප්‍රදේශයේ දී “වඩා හොඳ අධ්‍යාපනයක් සඳහා වඩා හොඳ සෞඛ්‍යයක්” යන තේමාව යටතේ වැඩසටහනක් පැවැත්වීය. සෞඛ්‍යය ඉගෙනීමට අත්‍යවශ්‍ය අංගයක් බව වටහා ගනිමින්, කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක පළවැනි ශ්‍රේණියේ සිසුන් 1,000 ක් සඳහා ශ්‍රවණාබාධ හඳුනාගැනීමේ ව්‍යාපෘතියක් ද EDEX විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි. 

අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රත්මලාන ශ්‍රවණාගාර මධ්‍යස්ථානය සහ K20 සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරුන් දස දෙනකු EDEX කණ්ඩායම සමග එක්ව පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබුණි. 

“මෙම මුලපිරීම මගින් අධ්‍යාපනයට බාධා ඇතිකරන, එහෙත් බොහෝ විට නොසලකා හරින ලද බාධක විසඳීමෙන් තරුණ තරුණියන් සවිබල ගැන්වීම සඳහා අපගේ ගැඹුරු කැපවීම පෙන්නුම් කරයි. EDEX හි සම්පත් මෙවැනි අවශ්‍යතා සඳහා ආයෝජනය කිරීමෙන්, අපට දිගුකාලීන වෙනසක් සිදුකළ හැක.” යනුවෙන් EDEX Mid Year Expo 2025 ව්‍යාපෘති සභාපති චතුෂික නිශ්ශංක මහතා පැවසීය.

මෙවර ප්‍රදර්ශනය වෘත්තීය සඳහා සූදානම් වීම කෙරෙහි ද දැඩි අවධානයක් යොමුකරන අතර EDEX Careers හරහා සපයනු ලබන Career Key මනෝමිතික පරීක්ෂණය වැනි ප්‍රායෝගික වෘත්තීය සංවර්ධන මෙවලම් ද මෙහිදී හඳුන්වා දීමට නියමිතය. එමගින් තරුණ තරුණියන්ට ඔවුන්ගේ ශක්තීන් හා අභිලාෂයන්ට ගැලපෙන වෘත්තීය මාර්ග හඳුනා ගැනීමට හැකිවනු ඇත. ඊට අමතරව, සහභාගිවන්නන්ට ජාත්‍යන්තර නියෝජිතයන් සමග සම්බන්ධ වීමට, ඩුබායි, ඉන්දුනීසියාව සහ අනෙකුත් රටවල අධ්‍යාපන අවස්ථා ගවේෂණය කිරීමට මෙන්ම, ප්‍රමුඛ පෙළේ ආයතනවලින් අනාගත රැකියා සහ නිපුණතා පිළිබඳ අදහස් ලබාගැනීමට ද අවස්ථාව හිමි වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීන් යන දෙකටම ක්ෂණික මගපෙන්වීම්, මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තරගකාරී ගෝලීය පරිසරයක දියුණුවීමට අවශ්‍ය මෙවලම්වලින් සන්නද්ධ කිරීම අරමුණු කරයි.

EDEX Mid-Year Expo 2025, දෙවැනි වරටත් ජාත්‍යන්තර ශිෂ්‍ය හැඳුනුම්පත (ISIC) සමග එක්ව කටයුතු කරන අතර යුනෙස්කෝව විසින් අනුමත කරන ලද ෂීෂක්‍, රටවල් 98 කට අධික සංඛ්‍යාවක 150,000 කට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයකට ප්‍රවේශය ලබාගැනීමට සහ ඔබේ ශිෂ්‍යභාවය සනාථ කිරීමට භාවිත කළ හැකි ලොව එකම ජාත්‍යන්තර ශිෂ්‍ය හැඳුනුම්පතයි. මේ සඳහා ශ්‍රී ලංකාවේ Pizza Hut, Taco Bell, Dinemore, Baskin-Robbins සහ තවත් බොහෝ ස්ථානවල සියයට 10 ක වට්ටමක් ද හිමිවන අතර ජාත්‍යන්තර ශිෂ්‍ය හැඳුනුම්පත පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට ඔවුන්ගේ කුටි වෙත පැමිණෙන ලෙස සහභාගිවන්නන්ට ඔවුහු ඇරයුම් කර සිටිති. 
මෙම ප්‍රදර්ශනයට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ කම්කරු සහ පරිසර අමාත්‍යාංශවලින් අනුමැතිය ලැබී ඇති අතර, එය ජාතික මට්ටමින් එහි වැදගත්කම අවධාරණය කරයි. ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනය, ලංකා වාණිජ මණ්ඩලය සහ ලංකා වෘත්තීය මාර්ගෝපදේශ සංගමය සමග උපායමාර්ගික හවුල්කාරිත්ව හරහා එහි බලපෑම තවදුරටත් ශක්තිමත් වේ.

දින දෙකේදීම පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා ප්‍රදර්ශනය මහජනතාව සඳහා විවෘතව පවතිනු ඇත. අධ්‍යාපනය, කුසලතා සහ වෘත්තීය මාර්ගෝපදේශනය සඳහා අසමසම ප්‍රවේශයක් සමගින්, EDEX Mid-Year Expo 2025 ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ගෝලීය වශයෙන් තරගකාරී වීමට සවිබල ගැන්වීමට කැපවී සිටී. 



අදහස් (0)

හෙට දවසේ නායකයන්ට අවස්ථා විවර කරන EDEX Mid-Year Expo 2025

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31160 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13297 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 889 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site