IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හච්, අලෙවි වෙළද නියෝජිතයන් ඇගයේ

හච්, සිය අලෙවි වෙළඳ නියෝජිතයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද “ගෞරවාභිමාන 2023”‍ සම්මාන උළෙල නොබෝදා අති සාර්ථක ලෙස පවත්වන ලදී. සිය වෙළඳ නියෝජිතයන් 2023 පළමු මාස 4 තුළ සිදුකරන ලද සුවිශේෂී කාර්ය සාධනය සහ ඔවුන්ගේ අඛණ්ඩ උත්සාහය සහ නොසැලෙන කැපවීම මෙහිදී ඇගයීමට ලක් වූ අතර ඒ වෙනුවෙන් රන් කාසි පිරිනැමීමද සිදුවිය. විශිෂ්ට වෙළද නියෝජිතයන් හඳුනාගැනීමට අමතරව හොඳම ක්‍රියාකාරී බෙදාහරින්නන් සහ කාර්ය මණ්ඩලය මෙහිදී ඇගයීමට ලක් කරන ලදී.

මෙම උත්සවයේදී හච් විසින් FriMi - MasterCard සමඟ එක්ව ඔවුන්ගේ වෙළඳ හවුල්කාර ජාලය සඳහා සුවිශේෂී දීමනා සහිත කාඩ්පතක් ද එළිදක්වන ලදී. මෙම නව්‍ය කාඩ්පත වෙළඳ නියෝජිතයන්ගේ ගිණුම් වෙත දිරි දීමනා ඍජුවම තැන්පත් කිරීමේ පහසුව සමඟින් තවත් ප්‍රතිලාභ සහ වට්ටම් රැසක් පිරිනමයි. හච්, FriMi - MasterCard හඳුන්වාදීම ප්‍රතිලාභ පිරිනැමීමේ නවමු ආරම්භයක් වන අතර සිය වෙළඳ නියෝජිතයන්ට සහය දැක්වීමට සහ ඔවුන්ගේ වර්ධනය සහ සාර්ථකත්වය පෝෂණය කිරීමට ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට හච් අදහස් කරයි.

හච් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සභාව අමතමින් මෙසේ ප්‍රකාශ කළේය.

“වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ පෙර නොවූ විරූ අභියෝගවලින් වසර තුනකට පසුව ළඟා වී ඇති මෙම කාලය, දුෂ්කර අවස්ථාවලදී අපගේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඔවුන්ගේ සුවිශේෂී කාර්ය සාධනය, කැපවීම සහ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කළ අපගේ ශූරයන් සමඟ සැමරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. කාලයත් සමඟ අපගේ ව්‍යාපාර ඉහළ නැංවීමටත් නව අපේක්ෂාවන් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යාමටත් අපට දැන් බොහෝ අවස්ථා ලැබී තිබෙනවා. මෙලෙස වර්ධනය වන අපගේ ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය අංගයක් වන වෙළඳ නියෝජිතයන්ට අපගේ සහයෝගය අඛණ්ඩව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා”‍.

හච් ශ්‍රී ලංකා හි විකුණුම් සාමාන්‍යාධිකාරී තරිඳු විජේරත්න මහතා ද මෙම අවස්ථාව පිළිබඳව සිය අදහස් මෙසේ පළ කළේය.

“හච් ගෞරවාභිමාන”‍ වෙළඳ නියෝජිත සම්මාන උළෙල සාර්ථකව පැවැත්වීම පිළිබඳව අපි ආඩම්බර වන අතර එය අපගේ අලෙවි වෙළඳ නියෝජිතයන් සමඟ අප ගොඩනගාගෙන ඇති සුවිශේෂී සම්බන්ධතාවට සාක්ෂියක්. මෙම දුෂ්කර කාලවලදී පවා විකුණුම් ජයග්‍රහණවල මෙම කැපී පෙනෙන දායකත්වයන් හඳුනාගෙන සැමරීමට හැකිවීම අපට සතුටක්. අපගේ වෙළඳ නියෝජිතයන්ට සුබ පැතුම් එක්කරන අතර ඉදිරි මාස 4 සඳහා ආරම්භ කර ඇති අපගේ දෙවන වාරය වෙනුවෙන් ඉතා උද්යෝගිමත් තරගයක් අපි බලාපොරොත්තු වෙනවා.”‍

595



අදහස් (0)

හච්, අලෙවි වෙළද නියෝජිතයන් ඇගයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site