IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පුරෝගාමී ණය ක්‍රමයේ අරමුණ වන්නේ වී මෝල් හිමියන්ට, වී එකතු කරන්නන්ට සහ වී ගබඩා හිමියන්ට වඩාත් පහසුවෙන් ණය ලබාගැනීමට අවස්ථාව සලසා දීම ය. මෙය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගන්වන සුවිශේෂී පියවරක් වනු ඇත.

මෙම ණය යෝජනා ක්‍රමය 2024 පෙබරවාරි 01 දින සිට 2024 අප්‍රේල් 30 දින දක්වා ක්‍රියාත්මක වේ. සෙලාන් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත නගාසිටුවමින් රටේ ආර්ථික වර්ධනය උදෙසා ඉටුකරන ලද මහඟු මෙහෙවර නිසා එම බැංකුව මෙම යෝජනා ක්‍රමයේ අරමුදල් නිකුත් කිරීම සඳහා තෝරාගෙන තිබේ.

මෙම ණය ක්‍රමයේ විශේෂත්වයන් වන්නේ සියයට 11 ක තරගකාරී පොලී අනුපාතයක් හිමි වීම සහ ආපසු ගෙවීම සඳහා මාස 6 ක කාලයක් හිමි වීම ය.මෙම වාසිදායක කොන්දේසි විශේෂයෙන් වී එක්රැස් කරන්නන්ට වාසිදායක වනු ඇත. මෙමගින් ඔවුන්ට තම වී, බැංකුවට තබන ඇපයක් ලෙස භාවිතා කළ හැකි වේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ, වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් තිබීම සහ දිනකට උපරිම වශයෙන් මෙට්‍රික් ටොන් 25 ක ධාරිතාවක් තිබීම වැනි මූලික කොන්දේසි සපුරාලන වී මෝල් හිමියන්ට රු. මිලියන 50 ක් දක්වා ණය පහසුකම් ලබාගත හැකි වේ. මීට අමතරව වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් සහිත වී එකතු කරන්නන්ට සහ වී ගබඩා හිමියන්ට රු. මිලියන 25 ක් දක්වා ණය ලබාගත හැකි වනු ඇත. මෙම අරමුදල් මගින් කෘෂිකර්මාන්තයේ ආර්ථික ක්‍රියාකාරකම් දිරිගැන්වෙනු ඇති බවත් ඒ ඔස්සේ සමස්ත ආර්ථිකයට යහපත් දායකත්වයක් ලැබෙනු ඇති බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

සෙලාන් බැංකුව මෙම පුරෝගාමී වැඩසටහනේ මූල්‍ය අතරමැදියකු ලෙස කටයුතු කරනුයේ මේ දක්වා මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා එම බැංකුව විසින් ඉටුකරන ලද මෙහෙවරෙහි තවත් වැදගත් පියවරක් වශයෙනි. මෙවැනි සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සැලසීමෙන් වී මෝල් හිමියන්ට, වී එකතු කරන්නන්ට සහ වී ගබඩා හිමියන්ට ප්‍රතිලාභ රැසක් හිමි වන අතර, එය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයක් ඇතිකිරීමට දායක වන පියවරක් වනු ඇත.

-595



අදහස් (0)

සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 72 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 24 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 355 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 210 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 302 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 258 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 518 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1977 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site