IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සොෆ්ට්ලොජික් සහ ATUL ඔටෝ එකතුවෙන් නවීන ත්‍රිරෝද රථ පෙළක්

කවිඳු දිල්ෂාන්

ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමුහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පීඑල්සී (Softlogic Holdings PLC) ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ත්‍රීරෝද රථ නිෂ්පාදකයෙකු වන අතුල් (ATUL) ඔටෝ ලිමිටඩ් සමග උපාය මාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙමින්”‍ නවීනතම ත්‍රීරෝද රථ පෙළක් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය‘

කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පසුගියදා (ජූලි 30) පැවති උත්සවයකදී එම ත්‍රීරෝද රථ නිල වශයෙන් හඳුන්වාදෙනු , ලැබීය‘

වසර 60කට වැඩි අත්දැකීම් ඇති රටවල් 24කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ඇති අතුල් ඔටෝ (ATUL Auto) සන්නාමය”‍ විවිධ ප්‍රවාහන අවශ්‍යතා සපුරාදීම සඳහා සැලසුම් කර ඇති කල්පවත්නා”‍ ඉන්ධන කාර්යක්ෂම සහ නඩත්තු කිරීමට පහසු ත්‍රීරෝද රථ නිෂ්පාදනය සඳහා කීර්තියක් උසුළයි මෙම හවුල්කාරිත්වය හරහා”‍ සොෆ්ට්ලොජික් සමාගම දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැළපෙන ප්‍රධාන ත්‍රීරෝද රථ මාදිලි තුනක් දියත් කරනු ඇත.

එනම්”‍ පෙට්‍රල් මඟින් ක්‍රියාත්මක වන”‍ ආකර්ෂණීය සහ අයවැය හිතකාමී මගී රථයක් වන අතුල් රික් (Atul RIK), ඩීසල් මගින් ක්‍රියාත්මක වන වාණිජ ප්‍රවාහනයට සුදුසු ඉඩකඩ සහිත මාදිලියක් වන අතුල් ජෙම් පැක්ස් (Atul GEM Paxx) සහ භාණ්ඩ බෙදාහැරීම්”‍ කෘෂිකාර්මික සහ සැපයුම් කළමනා කරණ (logistic) යෙදවුම් සඳහා නිපදවා ඇති ශක්තිමත් අධික බර රැගෙන යා හැක අතුල් ජෙම් කාර්ගෝ (Atul GEM Cargo) යන මාදිලියි‘

එහිදී අදහස් දැක්වූ අතුල් ඔටෝ ලිමිටඩ්හි කළමනාකාර අධ්‍යක්ෂ නිරාජ් චන්දු මහතා මෙසේ පැවසුවේය. ත්‍රීරෝද රථ ක්ෂේත්‍රයේ පුළුල් විශේෂඥ දැනුමක් ඇති ආයතනයක් ලෙස තම ආයතනය ඉදිරිපස සහ පසුපස එන්ජින් වින්‍යාසයන් දෙකෙන්ම පෙට්‍රල් ඩීසල් සහ විදුලි මාදිලි පිරිනමනවා. පුද්ගලයන් සහ ව්‍යාපාර එක සේ බලගන්වමින්”‍ ආර්ථික වර්ධනයට සහ ප්‍රවාහන පහසුකම් වර්ධනයට දායක වන විශ්වාසදායක සහ දැරිය හැකි මිලකින් යුතු විසඳුම් සැපයීම අප සමාඟමේ මෙහෙවරයි. 

ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට පමණක් නොව”‍ ආරම්භයේ සිටම ශක්ත්මත් අලවියෙන් පසු සේවා ජාලයක් ස්ථාපිත කිරීමටද අතුල් සමාඟම කැපවී සිටින බවද චන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම හවුල්කාරීත්වය යටතේ හඳුන්වා දෙන සියලු වාහන සඳහා මාස 24 ක හෝ කිලෝමීටර් 25,000ක පුළුල් වගකීමක් හිමිවන අතර දිවයින පුරා විහිදී ඇති සොෆ්ලොජික් හි පුළුල් අලෙවියෙන් පසු සේවා ජාලය හරහා අඛණ්ඩ සහාය හිමිවනු ඇත.

කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවති අතුල් ත්‍රීරෝද රථ නිල වශයෙන් හඳුන්වාදීමේ උත්සවයට අතුල් (ATUL) ඔටෝ ලිමටඩ්හි කළමනාකරණ අධ්‍යක්ෂ නීරාජ් චන්ද්‍රා”‍ එහිම ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානී අනුරාග් ගෝර් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පීඑල්සී හි සභාපති අශෝක් පතිරගේ කළමනාකරණ අධ්‍යක්ෂ හේමන්ත ගුණසේකර හා සොෆ්ට්ලොජික් මෝටර් රථ අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බිශ්රි ෆාරුක් යන මහත්වරු ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වූහ‘



අදහස් (0)

සොෆ්ට්ලොජික් සහ ATUL ඔටෝ එකතුවෙන් නවීන ත්‍රිරෝද රථ පෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site