භානුක අමරසිංහ
සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගම, සොෆ්ට්ලොජික් සුපර්මාර්කට් (පෞද්) සමාගම තුළ රුපියල් මිලියන 1,823ක මුදලක් ආයෝජනය කළ බව පවසයි.
මෙම සොෆ්ට්ලොජික් සුපර්මාර්කට්ස් (පෞද්) සමාගම සොෆ්ට්ලොජික් රීටේල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි. එම සමාගම සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වෙයි. එසේම සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගම සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගමේ ආසන්නතම මව් සමාගම ද වෙයි.
මෙලෙස සිදුකළ ආයෝජනය සිය සමාගමේ ආයෝජන හස්තය සිල්ලර වෙළෙඳාම් අංශය වෙතත් නිරාවරණය වීමේ අවස්ථාවක් ලෙස සැලකිය හැකි බවත් සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී පවසයි. සුප්‍රසිද්ධ ග්ලෝමාර්ක් සුපිරි වෙළෙඳසල් ජාලය මෙම සොෆ්ට්ලොජික් සුපර්මාර්කට්ස් යටතේ ක්‍රියාත්මක වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd