භානුක අමරසිංහ
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සියයට 100 ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගත් බව පවසයි.
මේ සඳහා වන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂමේ අනුමැතිය පසුගිය ජූලි 02 වැනිදා එම සමාගම වෙත හිමිවීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
මෙම අත්පත් කරගැනීමත් සමගින්ම අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත්වෙයි.
එසේම එය ඉදිරියේදී SL Insurance Lanka ltd. ලෙස නම් වෙනස් කර මෙහෙයුම් සිදු කරනු ඇතැයිද සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම පවසයි.
මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම සහ ජාත්‍යන්තර Allianz SE සමූහය අතර එකඟතාවට පිවිසීම පසුගිය මාර්තු මාසයේදී සිදුවිය. කෙසේ වෙතත් මෙම ගනුදෙනුවේ වටිනාකම පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත.
මේ අතර අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය රක්ෂණ මෙහෙයුම් කටයුතු ඉදිරියටත් එම සමාගම යටතේ පවත්වාගෙන යන බවද අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සොෆ්ට්ලොජික් ලයිෆ් අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා අත්පත් කරගනී