ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය

ඡායාරූප - සමීර විජේසිංහ
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සතු අක්‍රිය ණය වල වටිනාකම රුපියල් බිලියන 469ක්
- ණය ප්‍රතිව්‍යුහගකරණයට රුපියල් බිලියන 300ක අරමුදලකින් BAD නමින් බැංකුවක් පිහිටුවීමට යෝජනාවක්
- SME ව්‍යවසායකයන් අපනයනකරුවන් බවට පත් කළ යුතුයි
- සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වෙන් වූ කර්මාන්ත පුර ලබාදෙන ලෙසත් ඉල්ලීමක්
භානුක අමරසිංහ
මෙරට ආර්ථිකයෙන් සියයට 52 ක ප්‍රතිශතයක් සහ ශ්‍රම බලකායෙන් සියයට 45ක් නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය කඩා වැටුණොත් එය රටම කඩා වැටීමක් හා සමාන බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය (SLCSMI - Sri Lanka Chamber of Small and Medium Industries) අනතුරු අඟවා සිටියි.
විශේෂයෙන්ම පාස්කු දා ප්‍රහාරය, කොවිඩ් වසංගතය, ආර්ථිකය කඩා වැටීම සහ ආසන්නතම දිට්වා සුළි කුණාටු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත දරුණු හානි සිදුව තිබෙන බවත්, එම කඩා වැටීමෙන් ගොඩ ඒම සඳහා තමන් විශ්වාසය තැබූ බලධාරීන් මෙන්ම තමන් නිසා ලාබ ලැබූ බැංකු පවා කිසිඳු සහයෝගයක් ලබා නොදෙන තත්වයක් උද්ගතව ඇතැයි ද එම මණ්ඩලය ඊයේ (10දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ එම මණ්ඩලයේ ආසන්නතම හිටපු සභාපති මොහිදීන් කාදර් මහතා, “අද වෙන කොට බැංකු මේ ව්‍යාපාර වෙත ණය දීම ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ ව්‍යාපාර අරගෙන තිබෙන ණය වලින් රුපියල් බිලියන 469ක් ඒ කියන්නේ සියයට 40ක්ම දැන් අක්‍රීය ණය බවට පත්වෙලා. ඒත් රජයේ මැදිහත්වීමක් හරහා මේ ව්‍යාපාර පවත්වාගෙන යන්න යම් සහනයක් ලබාදෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටෙනවා. ඒ කියන්නේ රටම කඩා වැටුණා හා සමානයි.”
එම මණ්ඩලය පසුගියදා පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) වෙතද මෙම කරුණු ඉදිරිපත් කළ බව ද මෙහිදී අනාවරණය කෙරිණි. මෙම අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම බැංකු නියෝජිතයන්ද පැමිණ සිටි බව සඳහන් විය.
“එම කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා මේ අක්‍රීය ණය සම්බන්ධයෙන් බෑඩ් බෑන්ක් (Bad Bank) කියලා යෝජනාවක් ගෙන ආවා. ඒකට සියල්ලන්ම කැමැත්ත පළ කළා. ඒ කියන්නේ සියලුම නරක ගනුදෙනු එකට එකතු වුණු බැංකුවක්. එය ස්ථාපිත කිරීම සඳහා බැංකු සියල්ලම එක්ව රුපියල් බිලියන 300ක අරමුදලක් පිහිටුවන්නත් එකඟතාවකට පත්වුණා. මෙතැනදී වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සතු මේ රුපියල් බිලියන 469ක් වන අක්‍රීය ණය යම් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමයි. මහ බැංකුවත් මේ යෝජනාවට සිය කැමැත්ත පළ කර තිබෙනවා.” කාදර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම මෙම බෑඩ් බැංකුව පිහිටුවීමෙන් අනතුරුව දැනට ක්‍රිබ් (CRIB) වෙත ඇතුළත්ව සිටින ව්‍යවසායකයන් එම ලැයිස්තුවෙන් තාවකාලිකව ඉවත් කිරීමක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බව එම කාරක සභාව හමුවට පැමිණ සිටි ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළ බව ද මෙම හමුවේදී අනාවරණය විය.
මේ අතර ශ්‍රී ලංකාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් සඳහා වඩාත් හිතකර රටක් බවට පත් කරන ප්‍රතිපත්ති හඳුන්වාදීම අත්‍යවශ්‍ය බවත්, ඒ හරහා එම ව්‍යවසාකයන් අපනයනකරුවන් බවට පත් කළ යුතුව ඇති බවත් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලයේ සභාපති මහාචාර්ය රොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.
“අද රට තුළ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලක්ෂ 12ක් පමණ සිටිනවා. ඔවුන්ගෙන් සියයට 10ක් විතරයි අපනයනය කරන්නේ. පසුගිය වසර පහ තුළ එම ප්‍රතිශතය අඩු වුණා මිසක් වැඩි වුණේ නෑ. ඒත් අපනයනකරුවන් වැඩි කරගත්තොත් එය මේ ක්ෂේත්‍රයට වගේම රටටත් හොඳයි.”
මේ සඳහා රටෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාම වෙන් වූ කර්මාන්ත කලාප ස්ථාපිත කළ යුතුව ඇතැයි ද, ඒවා සඳහා විශේෂිත බදු සහන පැකේජ හඳුන්වාදීමද වැදගත් බව ද ඒ මහතා පවසා සිටියේය. ඒ හරහා එම කර්මාන්තකරුවන්ගේ ප්‍රවාහන ඇතුළු ගැටලු රැසක් විසක්‍ෂෙන බවද ඉන් ඵලදායිතාව වැඩි වන බව ද මහාචාර්ය රොහාන් ද සිල්වා සඳහන් කළේය.
“අද රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ලක්ෂ 12 යි. රජයේ සේවකයෝ ලක්ෂ 16 ක් ඉන්නවා. ඔවුන් එක්කෙනා බැගින් මේ ව්‍යවසායෙකුට සහයෝගය දැක්වුවොත් මේ ක්ෂේත්‍රය තවත් බොහෝ දියුණු කරගන්න පුළුවන්.” මොහිදීන් කාදර් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd