(සුමතිපාල දීයගහගේ )
සිංහරාජ සහ කන්නෙලිය රක්ෂිත වනාන්තර සහ ඒ අවට වෙනත් සුන්දර ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින් සදහා සංචාරක සත්කාරක නිවාස පිහිටුවීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම වනාන්තර අවට නිවසක් සහිත ඉඩමක් හිමි පුද්ගලයින් යොදවා මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇත.
වනාන්තර සහ වෙනත් ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට මෙම සත්කාරක නිවාස දින කීපයකට කුලියට ලබා ගත හැකිය. එමෙන්ම එම ගෙවත්තේ ඇති එළවලු සහ පළතුරු ආදියද මෙම සංචාරකයින්ට පරිභෝජනයට ගැනිමට පහසුකම් සැලසේ.
සාමාජිකයින් තුන් හතර දෙනෙකුගෙන් යුත් පවුලකට හෝ තනි පුද්ගලයින්ට වුවද මෙම නිවාස කුලියට ලබා ගත හැකි වනු ඇත.කාමර දෙක තුනක් සහිත මෙම නිවාස සංචාරකයින්ට ගැලපෙන පරිදි නවීකරණය කර කුලියට දීමට කටයුතු කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම නිවාස හිමියන්ට උපදෙස්දී තිබේ.
නිවාස නවීකරනය කිරිම සදහා ලෝක බැංකු ආධාර යටතේ එක් නිවාස හිමියෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් සහනාධාර මුදලක් ලබාදීමටද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
දැනටමත් මෙවැනි සත්කාරක නිවාස දහයක් ලබාදීමට පුද්ගලයින් ඉදිරිපත්වී ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් වන සංරක්ෂණ නිලධාරි මොහාන් හීනටිගල මහතා පැවසිය.
සිංහරාජ සහ කන්නෙලිය වනාන්තර ආශ්‍රිත ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් මෙම සත්කාරක
නිවාස පිහිටුවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්. වහාම ක්‍රියාත්මක කලොත් තමයි හොඳ.