IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිංහරාජය හා කන්නෙලිය නරඹන්නන්ට සංචාරක සත්කාර නිවාස

(සුමතිපාල දීයගහගේ )


සිංහරාජ සහ කන්නෙලිය රක්ෂිත වනාන්තර සහ ඒ අවට වෙනත් සුන්දර ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින් සදහා සංචාරක සත්කාරක නිවාස පිහිටුවීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම වනාන්තර අවට නිවසක් සහිත ඉඩමක් හිමි පුද්ගලයින් යොදවා මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇත. 

වනාන්තර සහ වෙනත් ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට මෙම සත්කාරක නිවාස දින කීපයකට කුලියට ලබා ගත හැකිය. එමෙන්ම එම ගෙවත්තේ ඇති එළවලු සහ පළතුරු ආදියද මෙම සංචාරකයින්ට පරිභෝජනයට ගැනිමට පහසුකම් සැලසේ.

සාමාජිකයින් තුන් හතර දෙනෙකුගෙන් යුත් පවුලකට  හෝ තනි පුද්ගලයින්ට වුවද මෙම නිවාස කුලියට ලබා ගත හැකි වනු ඇත.කාමර දෙක තුනක් සහිත මෙම නිවාස සංචාරකයින්ට ගැලපෙන පරිදි නවීකරණය කර කුලියට දීමට කටයුතු කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම නිවාස හිමියන්ට උපදෙස්දී තිබේ. 

නිවාස  නවීකරනය කිරිම සදහා ලෝක බැංකු ආධාර යටතේ එක් නිවාස හිමියෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් සහනාධාර මුදලක් ලබාදීමටද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

දැනටමත් මෙවැනි සත්කාරක නිවාස දහයක් ලබාදීමට පුද්ගලයින් ඉදිරිපත්වී ඇතැයි වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් වන සංරක්ෂණ නිලධාරි මොහාන් හීනටිගල මහතා පැවසිය.

සිංහරාජ සහ කන්නෙලිය වනාන්තර ආශ්‍රිත ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් මෙම සත්කාරක 
නිවාස පිහිටුවා තිබේ.



අදහස් (1)

සිංහරාජය හා කන්නෙලිය නරඹන්නන්ට සංචාරක සත්කාර නිවාස

jerami Monday, 07 May 2018 10:22 PM

හොඳ අදහසක්. වහාම ක්‍රියාත්මක කලොත් තමයි හොඳ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 532 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site