IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිහින වාහනය මෙරටට ගෙන්වාගන්න සෙලාන් පූර්ව අනුමැතිය සහිත ලීසිං

සෙලාන් බැංකුව මෙරට ජනතාවට පූර්ව අනුමැතිය සහිත සුවිශේෂී  ලීසිං පහසුකම් සමගින් තම සිහින වාහන මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ. මෙය ආනයනකරුවන්ට මෙන්ම රථවාහන ලෝලීන්ට දැනට තමන් සතුව පවතින වාහනය වෙනුවට වඩාත් ඉහළ පන්තියේ වාහනයක් අත්පත් කර ගැනීමට හෝ අලු‍තින් වාහනයක් මිලදී ගැනීමට ලැබෙන අවස්ථාවක් වනු ඇත. 

මෙම නව ලීසිං ක්‍රමය, ගනුදෙනුකරුවන්ගේ සිහිනය සැබෑ කරන රථවාහන ආයෝජනයක් සඳහා සරල මාවතක් පිරිනමන සුවිශේෂී මූල්‍ය විසඳුමක් ලෙස හැඳින්විය හැකි වේ. විශේෂයෙන්ම තරුණ වෘත්තිකයන්ට සහ ව්‍යවසායකයන්ට මෙය අනගි අවස්ථාවක් වනු ඇත. සෙලාන් බැංකුවේ පූර්ව අනුමැතිය හිමි ලීසිං ක්‍රමය මගින් ගනුදෙනුකරුවන්ට රථවාහන ආනයනයේදී ආනයන බදු පියවීම සඳහා අත්වැලක් සපයන අතර, එමගින් ඔවුන්ට ණයවර ලිපි නිකුත් කිරීමේදී තරගකාරී කොමිස් අනුපාත හිමි වේ. එමෙන්ම ලීසිං සඳහා විශේෂ පොලී අනුපාත, නාවික රක්ෂණ සඳහා වට්ටම් සහ රථවාහන රක්ෂණ සඳහා වට්ටම් ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් මෙම ලීසිං ක්‍රමය මගින් ගනුදෙනුකරුවන්ට හිමි වනු ඇත. 

මෙම ලීසිං පහසුකම් ලබාගැනීමේදී කඩිනම් සේවාවක් සමගින් ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ අවශ්‍ය සේවා ලබාදීමටද සෙලාන් බැංකුව කටයුතු යොදා තිබේ. ගනුදෙනුකරුවන්ට මෙම ක්‍රියාවලිය තවදුරටත් පහසු කිරීම සඳහා විශේෂ උපදේශකවරයකුගේ මගපෙන්වීම ලබාදීමටද සෙලාන් බැංකුව පියවර ගෙන ඇත.



අදහස් (0)

සිහින වාහනය මෙරටට ගෙන්වාගන්න සෙලාන් පූර්ව අනුමැතිය සහිත ලීසිං

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site