කොස්ලන්ද,මීරියබැද්දේ පසුගියදා ඇති වු නාය යෑමෙන් විපතට පත් පවුල්වල දරු දැරියන් සඳහා උපකාර කිරීමට පොළොන්නරුව සිංහ සමාජය මැදිහත් වෙයි.
එම දරුවන්ගේ අනාගත සුභ සිද්ධීය උදෙසා ඔවුන් නමින් ලංකා බැංකුවේ කොස්ලන්ද ශාඛාවේ බැංකු ගිණුම් ආරම්භ කොට ඕනෑම අයකුට මුදල් පරිත්‍යාග කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි පොළොන්නරුව සිංහ සමාජයේ සභාපති සිංහ වෛද්‍ය නිහාල් ගුණතිලක මහතා පැවසීය.
දිස්ත්‍රික් 306 සී1 සිංහ සමාජයේ සිංහාධිපතිනි කුසුම් සඳනායක මහතාගේ මඟ පෙන්වීම යටතේ පොළොන්නරුවේ සිංහ සමාජිකයෝ සියලුම සමාජිකන්ගේ දායකත්ව ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බවද වෛද්‍ය නිහාල් ගුණතිලක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහ සමාජයට ජය වේවා.(හේ)
අගය කළ යුතු ක්‍රියාවක්.මේ අසරණ වී සිටින විට මේ උපකාර බෙහෙවින් වැදගත්.(හේ)
සිංහ සමජය කරන මේ සත් ක්‍රියාවට ජය වේවා.(හේ)
ලොකු පිනක් මේ කටයුත්තට සහභාගි වීමට ලැබීමත්.(හේ)
මේ අහිංසකයින්ට තවත් උපකාර කරන්න.(හේ)
හොද අදහසක්.මේ සත් ක්‍රියාව සාර්ථක වේවා.(හේ)
මේ ක්‍රියාවට සිංහ සමාජයට ස්තූතියි.(හේ)
පුළුවන් නම් මේ කට්ටියට ඉඩමයි, ගේකුයි හදලා දෙන්න.(හේ)
හොද වැඩක්.මේ මිනිස්සු ගැන හිතන්න ඕනේ.(හේ)
එතකොට සිංහ සමාජය උපදෙස් දෙනවා. ලංකා බැංකුව මුදල් එකතු කරනවා. මහජනයා සල්ලි දෙනවා. දැන් මෙතන කියවෙන්න ඕන මහජනයා පරිත්‍යාගය ඉස්මතු වෙන ලෙස නේද ? ඔන්න තැන්පත් කරන්නකෝ කියලා කියන්නත් ලේසියි අපේ බැංකුවේ මුදල් දාන්න කියන්නත් ලේසියි. පුදුම වෙළඳ උපක්‍රම නේද මේවා.(හේ)
මේ මිනිස්සුන්ට හොඳ ඉඩමක තට්ටු නිවාස හදල දුන්නනම් ඉඩම් වැඩිය ඕනෙත් නෑ තනි තනි ගෙවල් හදනවට වඩා අඩු වියදමක් යන්නෙත්. එහෙම කරලා ඉතිරි වෙන සල්ලි වලින් ඒ නිවාස අසල ක්‍රීඩා පිටියක් ශාලාවක් වගේ දේවල් හදන්න පුළුවන්. මම මෙහෙම කියනකොට කොමිස් කාක්කන්ට තද වෙනවා ඇති. නමුත් මේක තමයි හරි ක්‍රමය. (නදී)
විපතේදී පිහිටවීම උතුම් ගුණාංගයක් (නි)
අගය කළයුතු කාර්යයක් (නි)
ඉතා හොඳ වැඩක් (නි)