තායිලන්ත රජය මේ වසරේ දෙවැනි වරට ද සංවිධානය කළ ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කරන ලද එකම සංචාරක ප්‍රදර්ශන කුටිය බැංකොක් නුවර පිහිටි ශ්‍රී ලාංකීය සංචාරක සමාගම වන සවාරි ට්‍රැවල්ස් සමාගම විසින් සංවිධානය කර තිබුණි.
ප්‍රදර්ශන කුටියේ විශේෂත්වය වුයේ මධ්‍යම සංස්කෘතික අරමුදල සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රධානම සංචාරක මධ්‍යස්ථාන ලෙස සැලෙකන ශ්‍රී දළඳා මාළිගාව, සිගිරිය, අභයගිරි පිළිබඳව විදේශිකයින් දැනුවත් කරලීමට සවාරි සංචාරක සමාගමේ විධායක අධ්‍යක්ෂක නාලක නිරෝෂන් මහතා පියවර ගෙන තීබිමයි.
අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි සුජීව සරත්චන්ද්‍ර මහතා ද මෙම ප්‍රදර්ශනයට සහභාගී විය.

![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/41.png)
![13680501_283497398671204_9075103359897715871_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/13680501_283497398671204_9075103359897715871_n1.png)
![DSC_8180[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSC_81801.png)
![DSC_8205[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSC_82051.png)
![DSC_8207[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSC_82071.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නාලක අයියේ, නියමයි! (නි)
සතුටුදායක ආරංචියක් (නි)
ශ්රී ලාංකිකයන් වෙනුවෙන් ඔබ තායිලන්තයේ දී කරන සේවය විශිශ්ටයි ..ආඩම්බරයි නාලක අයයේ (අ)
ආඩම්බරයි අපිට ඔබ ගැන (බ)
ආඩම්බරයි අපිට ඔබ ගැන (අ)
සතුටුදායක පුවතක්!