ස්වදේශී, Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබාගත් පළමු ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන පෞද්ගලික ආයතනය ලෙසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් පසුගියදා පිදුම් ලැබීය.
2020 වසරේ Covid-19 වසංගතය ආරම්භයේ පටන් එහි අවදානම් තත්ත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ස්වදේශී සිදු කළ මෙහෙවර මෙම Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය මගින් තහවුරු කරන බව එම සමාගම සඳහන් කරයි.
මෙම Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය පිළිබඳව ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනි/ කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝදරා සමරසිංහ මහත්මිය මෙසේ පැවැසුවාය.
“ආයතනය තුළ ආරක්ෂාව තහවුරු කරමින් අඛණ්ඩව මෙහෙයුම් පවත්වා ගැනීමේ කළමනාකරණ ප්‍රයත්නය ඇගයීම වෙනුවෙන් මෙම සහතිකයෙන් පිදුම් ලැබීම පිළිබඳව අපි සැබැවින්ම ආඩම්බර වෙනවා. Covid-19ට එරෙහිව කටයුතු කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීම සහ සේවකයන්ගේ චිත්ත ධෛර්යය නැංවීමෙන් බියෙන් සැකෙන් තොරව කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැංවීම සඳහා අපි ආරම්භයේ සිටම කටයුතු කළා. මෙවැනි අභියෝගාත්මක කාලයක් මධ්‍යයේ අපගේ සේවකයන් ආරක්ෂා කරමින් අප ලබාගත් ප්‍රගතිය පිළිබඳව අපි සතුටු වෙනවා. නිසි පාලන ක්‍රම සහ සනීපාරක්ෂක ප්‍රමිති සමගින් අභියෝග ජයගත හැකි බව අපි සතුටින් සඳහන් කරන්න කැමැතියි.”
ආරක්ෂණ ප්‍රමිති අඛණ්ඩව වැඩි දියුණු කිරීම, අපේක්ෂිත ප්‍රමිති පවත්වාගෙන යාම, සේවකයන්, නිෂ්පාදන සහ බෙදාහැරීම් ඇතුළු අනෙකුත් සියල්ලෙහි උපරිම ආරක්ෂාව සැලසීම යන සමස්ත ක්‍රියාවලිය පිළිබඳව පූර්ණ ලෙස අධීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම සහතිකය ප්‍රදානය කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘ස්වදේශී’ සමාගමට Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය