IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ස්වදේශී වෙතින් ලොවපුරා පාරිභෝගිකයන්ට “Whispering Island”

ඉපැරණි ලාංකේය රුව සිරිතෙන් නව ජීවනයක් ලබමින් ස්වදේශී කර්මාන්තායතනය වෙතින් ලොව පුරා සිටින පාරිභෝගිකයන් වෙත “Whispering Island” හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ රුව රැක ගැනීමේ පොහොසත් පාරම්පරික සාම්ප්‍රදායයේ ආභාසය ලබා ගනිමින්, සොබා දහමේ සැබෑ සමතුලිතතාව පිළිබිඹු කරන නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා මෙම ශ්‍රී ලාංකේය සන්නාමය, ඉපැරැණි පිළිවෙත් නවීන විද්‍යාව සමග එක් කරයි.
රුව අලංකරණය හා සුවතාව ජීවන රටාවේ මූලික අංගයක් ලෙස සලකන ලද පැරැණි ලංකාවේ රූපලාවණ්‍ය සම්ප්‍රදාය ස්වදේශී Whispering Island සමඟින් පාරිභෝගිකයන් වෙත නැවත ගෙන එයි. අතීත රජ සමයේ දී, රජවරුන් හා රැජිනියන් තම සුවතාව රැක ගැනීම සඳහා භාවිත කළ ස්වාභාවික හා පැරැණි රූපලාවණ්‍ය ක්‍රම Whispering Island සඳහා මූලික තේමාව වේ. සම අලංකරණය සඳහා පරෙස්සමෙන් තෝරාගත් දේශීය ඖෂධීය පැළෑටි, ශාකසාර ද්‍රව්‍ය සම පෝෂණය කිරීමට පමණක් නොව මනසට අාධ්‍යාත්මික සුවපත්භාවය ද ගෙන එන සේ පරිපූර්ණ පාරම්පරික හෙළ ප්‍රතිකර්ම බවට ඔවුන් විසින් පත් කරන ලදී. මෙම පුරාණ පිළිවෙත් ස්වදේශී කර්මාන්තායතනය විසින් නැවත අධ්‍යයනය කරමින්, එහි මූලික සම්භවය රැක ගනිමින් අදට ගැළපෙන සේ නවීන සංයෝග හා මුසු කර තත්වයෙන් හා ඵලදායීබවෙන් උසස් නිෂ්පාදන පෙළක් ලෙස පාරිභෝගිකයා වෙත ගෙන එයි.
සම පැහැපත් කිරීමට සහ සමේ අඳුරු පැහැය අඩු කිරීම සඳහා ප්‍රචලිත අමුද්‍රව්‍යයක් ලෙස සඳුන් සියවස් ගණනාවක් පුරා භාවිත කරයි. රූපලාවණ්‍යයේ දී හැර දැමිය නොහැකි අමුද්‍රව්‍යයක් ලෙස සඳුන් සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනියි. සමට තෙතමනය ලබා දී එය පෝෂණයට සහ එය ආරක්ෂා කිරීම සඳහා ප්‍රසිද්ධ පොල්, සාම්ප්‍රදායික ලාංකික රූපලාවණ්‍ය පිළියම්වල ප්‍රධාන අංගයකි. කුළුබඩුවක් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍යයක් ලෙස දිගු කලක් තිස්සේ ඇගයෙන කුරුඳු, මැරුණු සම මෘදු ලෙස ඉවත් කර සිනිඳු සමක් ලබා දීමට කටයුතු කරයි. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයන්ගෙන් සපිරි මුරුංගා, වයස්ගත වීම වැළැක්වීමේ ගුණාංග සඳහා පුරාණ රූපලාවණ්‍ය චාරිත්‍රවල දී ඇගයෙයි. සම රැකවරණයේ දී සමට සෞම්‍ය බවක් එක් කරමින් සම සුවපත් කිරීමේ ගුණාංග වැනිලා සතු වේ. මෙම සුවිශේෂ අමුද්‍රව්‍යයන්ගේ එකතුවෙන් සපිරි Whispering Island ශරීර සත්කාර නිෂ්පාදන පෙළෙහි සබන්, බාත් සහ ෂවර් ජෙල්, ෆෙස් වොෂ්, සත්කාර නිෂ්පාදන පෙළෙහි, ෂැම්පූ (සල්ෆෙට් රහිත), කන්ඩිෂනර් ද, රුව රැකවරණ නිෂ්පාදන පෙළෙහි බොඩි ලෝෂන්, හෑන්ඩ් ක්‍රීම් ද වශයෙන් පරිපූර්ණ පෞද්ගලික සත්කාර නිෂ්පාදන පෙළක් පිරිනමයි.
සදාචාරාත්මකව සහ තිරසාරව ලබා ගන්නා ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කිරීමෙන් Whispering Island මෙම පොහොසත් උරුමයට ගරු කරයි. මෙහි ඇති සෑම නිෂ්පාදනයක්ම පැරැණි ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන්ගෙන් ආභාසය ලබා ගනිමින් ස්වභාවධර්මයේ සාරය ග්‍රහණය කර ගනියි. මෙම සමස්ත නිෂ්පාදන පෙළ සියයට100ක් ශාකසාර අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වන බවට එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ පිළිගැනීමට පාත්‍ර වී ඇත. මෙය ස්වදේශී කර්මාන්තායතනයේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගිකයා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට කර්මාන්තායතනයේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි.
රූපලාවණ්‍යයෙන් ඔබ්බට යන සමාජ වගකීම කෙරෙහි ස්වදේශී කර්මාන්තායතනය දැඩි අවධානයක් යොමු කරයි. සමාජයට පෙරළා ලබා දීම සහ පරිසරය රැකබලා ගැනීම යන්න Whispering Island මතින් කැපී පෙනෙයි. ස්වදේශී විසින්, ආචාර ධර්මයන්ට අනුව යමින් සහ සාධාරණ වෙළෙඳ පිළිවෙත් අනුගමනය කරමින්, දේශීය පවුල්වලට සහ ග්‍රාමීය ප්‍රජාවට උපකාර කරනු ලබයි. තම නිෂ්පාදන වෙතින් ධනාත්මක හා ඵලදායී ප්‍රතිඵලයක් ලබා දීම තහවුරු කරමින්, පරිසර හිතකාමී ගොවිතැන් හා නිෂ්පාදන ක්‍රමවේද ස්වදේශී විසින් අනුගමනය කරයි. Whispering Island නිෂ්පාදන පෙළෙහි කඩදාසි ඇසුරුම් FSC සහතිකය ලබා ඇත. Whispering Island හි භාවිත කරන සියලු‍ම සුවඳ විලවුන් ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) විසින් අනුමත කර ඇති අතර, සියලු‍ම Whispering Island නිෂ්පාදන ISO 9001:2015 තත්ව ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කෙරේ.

 



අදහස් (0)

ස්වදේශී වෙතින් ලොවපුරා පාරිභෝගිකයන්ට “Whispering Island”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 72 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site