IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ස්වදේශී කොහොඹ ‘මිහිතල සත්කාරය’ දෙවැනි අදියරෙන් විහාරස්ථානවල කොහොඹ පැළ රෝපණය අරඹයි

ස්වදේශී කොහොඹ විසින්, විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කොහොඹ පැළ සිටුවීමේ ‘ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය’, සිය සමාජ සත්කාර ව්‍යාපෘතියේ දෙවැනි අදියර පසුගියදා ආරම්භ කරන ලදී. බෞද්ධ  සම්ප්‍රදාය තුළ සියලු‍ම ජීවීන් සමාන ලෙස සලකනු ලබන අතර, ඔවුන්ගේ දුක් වේදනා සමානව වැදගත් ලෙස සැලකෙයි. මෙයින් අදහස් කරන්නේ, පාරිසරික විනාශයෙන් සතුන්ට සහ ශාකවලට සිදුවන දුක් වේදනා බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන අනුකම්පාවෙන් අපගේ පරිසර පද්ධතිය ආරක්ෂා කළ යුතු බවයි. 
බුදුන්වහන්සේ වනාන්තරය විස්තර කළේ ජීවන ක්‍රියාවලියේ දී පරිත්‍යාගශීලීන් ලෙස තම නිෂ්පාදන ලබා දෙන සහ ජීවීන්ට ආරක්ෂාව සපයන ස්ථානයක් ලෙසයි. මෙම උතුම් දැක්මට අනුව යමින්, ස්වදේශී ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කඳානේ, ස්වදේශී කර්මාන්තායතනයේ ලංකාවේ අංක 01 ශාකසාර සන්නාමය වන ස්වදේශී කොහොඹ සන්නාමය, මිහිතලය රැක ගැනීමේ සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින්  සිය “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය”‍ වැඩසටහනේ දෙවැනි අදියරේ පළමු ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ඒ පසුගිය පොහෝ දින කිරිබත්ගොඩ, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ පවත්වන ලද කොහොඹ පැළ රෝපණය කිරීමේ වැඩසටහන සමගිනි.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මහත්මිය මෙසේ පැවසුවාය. “කොහොඹ රුක් රෝපණ ව්‍යාපෘතියෙන් ස්වදේශී කර්මාන්තායතනය බලාපොරොත්තු වන්නේ බුදු දහමේ ඉගැන්වීම්වලට අනුව, මතු පරපුර වෙනුවෙන් මෙම මිහිතලය ආරක්ෂා කර ගනිමින් ස්වදේශී කොහොඹ සත්කාරය මුළු රටටම ලබා දීමයි.”‍ 



අදහස් (0)

ස්වදේශී කොහොඹ ‘මිහිතල සත්කාරය’ දෙවැනි අදියරෙන් විහාරස්ථානවල කොහොඹ පැළ රෝපණය අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 507 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site