යොහාන් භාසුර
ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල් මාකස් පෙටර්සන් මහතා මෙරටට පැමිණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.
ශ්‍රී ලංකාව වර්තමානය වන විට ස්වීඩනයට ඇඟලුම්, රබර් භාණ්ඩ, තේ සහ පොල් මද නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසක් අපනයනය කරයි. ශ්‍රී ලංකාව පසුගිය වසරේ ස්වීඩනයට කළ සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 101 කි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඉදිරි වසර 5 තුළ නිෂ්පාදන විවිධාංගීකරණය සහ වෙළෙදපොළ පුළුල් කිරීමෙන් අපනයන ඉහළ නැංවීමේ මෙරටේ උපායමාර්ගික සැලැස්ම අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා අපනයන ප්‍රතිපත්තිය මාකස් පෙටර්සන් මහතාට ඉදිරිපත් කළේය.
ඇඟලුම් සහ රෙදිපිළි, රබර්, තේ, පලතුරු, කුළුබඩු සහ සාන්ද්‍රිත ද්‍රව්‍ය, පොල් මද ආශ්‍රිත නිෂ්පාදන, සෞඛ්‍යයට නැඹුරු කාබනික සහ ස්වාභාවික නිෂ්පාදන පරිසර හිතකාමී අත්කම් ඇතුළු සැකසූ ආහාර සහ පාන වර්ග සහ අපනයන සේවා වැනි ප්‍රධාන අංශවලට ස්වීඩන් වෙළෙඳපොළ තවදුරටත් විනිවිදයාමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව විජේසිංහ මහතා එහිදී අවධාරණය කළේය.
ස්වීඩනයේ හඳුනාගත් නිෂ්පාදන හා සේවා අංශවල ශ්‍රී ලංකාවේ වෙළෙදපොළ කොටස වැඩි කිරීම සඳහා උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා කොන්සල්වරයාගේ සහයෝගය එහිදී විජේසිංහ මහතා ඉල්ලා සිටියේය.
ස්වීඩනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ, කුළුබඩු, සැකසූ ආහාර සහ කාබනික නිෂ්පාදනවල ශ්‍රී ලංකාවේ අපනයන විභවය පීටර්සන් මහතා පිළිගත් අතර ස්වීඩනයේ සහ පුළුල් නෝර්ඩික් කලාපයේ ශ්‍රී ලංකාවේ වෙළෙදපොළ කොටස වැඩි දියුණු කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ කටයුතු කිරීමට පූර්ණ සහයෝගය දෙන බවඒ මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ස්වීඩනයේ ශ්‍රී ලංකා වෙළෙඳ අවස්ථා ඉහළ නංවයි