IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ජයග්‍රාහකයෝ පර්ල් බේ හි විනෝදවෙති

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තේමා උද්‍යානවලින් එකක් වන පර්ල් බේ හිදී වැඩිහිටියන් සහ ළමයින් 1000 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් හි අනුග්‍රහයෙන් විනෝද වීමට එක්රැස් වූහ.
ශ්‍රී ලංකාවේ නන්දෙසින් පැමිණි සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ පවුල් ‘ෆැමිලි සවාරි’ මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් වූ අතර එදිනට තේමා උද්‍යානය ඔවුහු වෙනුවෙන්ම වෙන් වූ බැවින්, පර්ල් බේ හි ජල උද්‍යාන ප්‍රදේශයේ තිබූ ආකර්ෂණීය ක්‍රියාකාරකම් වල නියැලෙමින් අමතක නොවන දිනයක් ගත කළහ.
මෙම කණ්ඩායමට, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 250 දෙනකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන් ම ෆැමිලි සවාරි සන්නාම තානාපතිවරුන් වන ජනප්‍රිය නළු රොෂාන් රණවන, ඔහුගේ බිරිඳ කුෂ්ලානි සහ ඔවුන්ගේ පුත් මිනෙත් ද ඇතුළත් විය.
උත්සවය අමතමින් සෙලින්කෝ ලයිෆ් විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසර 18 පුරාම ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහන මඟින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ පවුල් දහස් ගණනක් මෙවැනිම විනෝද චාරිකා සහ විදේශ නිවාඩු සඳහා රැගෙන යාමට හැකි වූ බවයි. “ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම සහ ත්‍යාගශීලීම ප්‍රවර්ධනය මෙයයි,” යනුවෙන් එම මහතා අවධාරණය කළ අතර, ෆැමිලි සවාරි වැඩසටහන යනු රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රතිලාභ ලබා දීමෙන් ඔබ්බට ගිය, විවිධ පසුබිම්වල ජීවත්වන පුද්ගලයන් අතර කල්පවත්නා සබඳතා ගොඩනගා ගැනීමට සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීමට මූලික වූ වැඩසටහනක් බවයි.
පර්ල් බේ හි දිනක් පුරා සංචාරය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන් 250 දෙනාට අමතරව, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල් පහකට සියලු වියදම් සහිතව චීනයට සංචාරයක් සහ තවත් පවුල් 10 කට මැලේසියාවේ සංචාරයක් හිමි විය. මැයි සහ ජුනි මාසවලදී පිළිවෙළින් මෙම සංචාරයන් පැවැත්වෙයි. ෆැමිලි සවාරි 18 වන වටයේ ජයග්‍රාහකයින් ලෙස සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 265 දෙනෙකු එනම් පුද්ගලයන් වශයෙන් 1060  දෙනකුගෙන් සමන්විත පිරිසක් තෝරාගෙන ඇත.
2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වන වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ^ICCSL& සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය ^CIMA& විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත. 
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 21 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ජයග්‍රාහකයෝ පර්ල් බේ හි විනෝදවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site