IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහෙයුම් ප්‍රධානියෝ

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ඉදිරි දශකය සහ ඉන් ඔබ්බට සමාගමේ නායකත්ව පෙළ ගැස්ම සහතික කිරීම සඳහා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රංග අබේනායක සහ නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සමිත හේමචන්ද්‍ර යන මහත්වරුන් පත්කර ඇති බව නිවේදනය කර ඇත.

පසුගිය වසර 25ක කාලය පුරා සෙලින්කෝ ලයිෆ් සමාගමේ සේවය කර ඇති රංග අබේනායක මහතා සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ප්‍රධාන මූල්‍ය නිලධාරියා වේ. සමිත හේමචන්ද්‍ර මහතා වසර 23ක් සෙලින්කෝ ලයිෆ් හි සේවය කර ඇති අතර ඔහු සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ තනතුර දරයි.

“මෙම පත්වීම් නායකත්ව ව්‍යුහයට තවත් ගැඹුරක් සහ ශක්තියක් එක් කරයි. ඉදිරි වසර 10 සිට 15 දක්වා කාලය තුළ අපගේ නායකත්ව අවශ්‍යතා සපුරා ලීමට ද ඔවුන් ස්ථානගත වී සිටිනවා,” යැයි සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය.            

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ පූර්ණ කාලීන සාමාජිකයකු වන රංග අබේනායක මහතා මූල්‍ය, අවදානම් කළමනාකරණය, උපාය මාර්ගික සැලසුම්කරණය, භාණ්ඩාගාර කළමනාකරණය සහ වැඩසටහන් සැලසුම් කිරීම යන ක්ෂේත්‍රවල ප්‍රධාන කළමනාකරණ තනතුරුවල වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇත.

එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) පූර්ණ කාලීන සාමාජිකයෙකු මෙන්ම ඕස්ට්‍රේලියාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) පූර්ණ කාලීන සාමාජිකයකු වන සමිත හේමචන්ද්‍ර මහතා සන්නාම කළමනාකරණය, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, අලෙවි කළමනාකරණය සහ උපාය මාර්ගික සැලසුම් යන ක්ෂේත්‍රවල වසර 20කට වැඩි පළපුරුද්දක් ඇත්තෙකි.

595



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහෙයුම් ප්‍රධානියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site