IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සෙලාන් හරසර ගිණුමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රතිලාභ රැසක්

සෙලාන් බැංකුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සුවිශේෂී මූල්‍ය විසඳුමක් වන සෙලාන් හරසර’ ගිණුම, ආසිරි රෝහල් හා රසායනාගාර, Vison Care  සහ විජිත යාපා පොත්හල් සමඟ ඇති කර ගත් ඩෙබිට් කාඩ්පත් හවුල්කාරීත්වය ඔස්සේ තම ගනුදෙනුකරුවන්ගේ වෛද්‍ය සේවා අවශ්‍යතා සහ ජීවිතයේ වෙනත් විවිධ අවශ්‍යතා සඳහා වැදගත් වන වට්ටම් එකතුවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හඳුන්වා දී ඇති වඩාත්ම පරිපූර්ණ මූල්‍ය සේවාවලින් එකක් වනිසෙලාන් හරසර’ ගිණුම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් එම අවශ්‍යතා සපුරාලන සුවිශේෂී මූල්‍ය විසඳුමකි. 
ආසිරි රෝහල් හා රසායනාගාරවලදී ‘සෙලාන් හරසර’ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සියයට 20 ක් දක්වා වට්ටම් හිමි වේ. විෂන් කෙයාර් අලෙවිසැල්වලදී ඔවුන්ට ඇස් කන්නාඩි, අවු කන්නාඩි සහ ශ්‍රවණාධාර සඳහා සියයට 10 ක් දක්වා වට්ටම් හිමි වන අතර, නොමිලේ අක්ෂි පරීක්ෂණ, වර්ණ පෙනීමේ පරීක්ෂණ සහ ශ්‍රවණ පරීක්ෂණ සේවා පිරිනැමීමටද කටයුතු යොදා ඇත. විජිත යාපා පොත්හල්වලදී හරසර ඩෙබිට් කාඩ්පත් හිමියන්ට දේශීය හා විදේශීය පොත්පත් සඳහා සියයට 15 ක් දක්වා වට්ටම් හිමි වේ. මෙය සෙලාන් බැංකුව තම ගිණුම් හිමියන්ගේ කායික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යය පිළිබඳවද දැඩි උනන්දුවක් දක්වන බව තහවුරු කරන සාධකයකි. 
මීට අමතරව සෙලාන් බැංකුවේ Mega Rewards  වැඩසටහන යටතේ හරසර ගිණුම් හිමියන්ගේ 60 වැනි උපන්දිනය, විශ්‍රාම යාම, විවාහ සංවත්සර සහ සැත්කම් වැනි ජීවිතයේ වැදගත් අවස්ථාවලදී අනිවාර්යයෙන්ම මුදල් ත්‍යාග පිරිනැමේ. මෙහිදී ඔවුන්ගේ සැත්කම් වියදම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ කාච මිලදී ගැනීමේ වියදම් වැනි පිරිවැය සඳහා රු. 200,000 ක් දක්වා ප්‍රතිපූරණය කෙරේ. 
තවද නිසි සුදුසුකම් සපුරාල සෙලාන් හරසර’ ගිණුම් හිමියන්ට ‘වාර්ෂික වෛද්‍ය ප්‍රතිලාභය’ හිමි කර ගැනීමටද අවස්ථාව හිමි වනු ඇත. එපමණක් නොව සෙලාන් බැංකුවේ සියලු‍ම ශාඛා හරහා ක්‍රියාත්මක වන, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම වෙන් වූ සේවාවක් වන සුහද සේවා’ මෙන්ම ‘සෙලාන් හරසර’ ගිණුම් හිමියන්ට රු. මිලියන 5 ක් දක්වා විශ්‍රාම ණය ලබාගැනීමටද අවස්ථාව උදා කර දී තිබේ.
“සෙලාන් හරසර යනු සෙලාන් බැංකුවේ මූලධර්ම සහ වටිනාකම් පිළිබිඹු කරන ගිණුමක්. අපේ අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය කටයුතු හැකිතාක් දුරකට සරල කිරීමයි. එමෙන්ම අප සෑමවිටම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට මුල් තැන දෙන බව සෙලාන් හරසර ගිණුම මගින් මැනැවින් පැහැදිලි වනවා. සෙලාන් හරසර යනු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් රටේ ආර්ථිකය වෙනුවෙන් මෙන්ම, රටේ වර්තමාන සහ අනාගත පරම්පරාවන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන ලද කැපකිරීම් වෙනුවෙන් පිදෙන උපහාරයක් ලෙස හැඳින්වීමට පුළුවන්” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසීය.



අදහස් (0)

සෙලාන් හරසර ගිණුමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රතිලාභ රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17653 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site