සෙලාන් බැංකුව ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධති සඳහා ජාත්‍යන්තරව පිළිගත් ෂීධ 22301:2019 සහතිකකරණය ISO 22301:2019 දෙර [ISO 22301:2019 for Business Continuity Management Systems (BCMS)] හිමි කරගත් ලංකාවේ ප්‍රථම බැංකුව බවට පත්වීමට පසුගියදා සමත් විය. ජාත්‍යන්තර බැංකුකරණය, භාණ්ඩාගාර කටයුතු, ඩිජිටල් බැංකුකරණය, මධ්‍යම නිෂ්කාශනය, තොරතුරු තාක්ෂණය, කාඩ්පත් මධ්‍යස්ථාන මෙහෙයුම්, මූල්‍ය, මානව සම්පත්, අලෙවිකරණය සහ තොරතුරු ආරක්ෂක ඒකකය යන අංශ මෙම සහතිකකරණය මගින් ආවරණය වේ. මීට සමගාමීව සිය තොරතුරු ආරක්ෂක කළමනාකරණ පද්ධති සඳහා ISO 27001:2022 සහතිකරණය [ISO 27001:2022 certification for Information Security Management Systems (ISMS)] හිමිකර ගැනීමටද සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි.
මෙම ද්විත්ව සහතිකකරණය මගින් සෙලාන් බැංකුව ඉදිරිගාමී සහ වගකීම්සහගත මූල්‍ය ආයතනයක් මෙන්ම, මෙරට බැංකු ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අතින් ඉදිරියෙන්ම සිටින බැංකුවක් බව නැවත වරක් තහවුරු වී ඇත. එමෙන්ම සෙලාන් බැංකුව ඉහළම තලයේ අභ්‍යන්තර යටිතල පහසුකම් සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමගින් නවෝත්පාදනයට, ආරක්ෂාවට සහ ව්‍යාපාරික අඛණ්ඩතාවට ප්‍රමුඛත්වය දෙන බවද එමගින් මැනැවින් පිළිබිඹු වේ.
ISO 22301:2019 යනු සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් කටයුතු සහ එම කටයුතු පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබාදෙන අංශවල විෂය පථයන් සඳහා ලැබුණු සහතිකකරණයකි. මෙමගින් ඕනෑම තත්වයක් යටතේ තම සේවා අඛණ්ඩව සැපයීමට, ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ වත්කම් ආරක්ෂා කරගැනීමට සෙලාන් බැංකුවට හැකියාව ඇති බව තහවුරු කරයි. එමෙන්ම එය නිරන්තරයෙන් වෙනස් වන මෙහෙයුම් පරිසරයක් තුළ පැනනගින අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් තම සේවා අඛණ්ඩව පවත්වාගැනීම සඳහා සෙලාන් බැංකුවට හැකියාව ඇති බව සනාථ කරන මනා සාක්ෂියකි.
මීට සමගාමීව හිමි වූ ISO 27001:2022 සහතිකකරණය මගින් මෘදුකාංග ඉංජිනේරුකරණය, තොරතුරු තාක්ෂණික ගෙවීම් පද්ධති, තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම්, ශාඛා සහය, ජාල ආරක්ෂාව සහ පද්ධති පරිපාලනය ඇතුළු තීරණාත්මක තොරතුරු තාක්ෂණ මෙහෙයුම් ආවරණය කරයි. සෙලාන් බැංකුව සිය ප්‍රධාන තොරතුරු වත්කම් සුරක්ෂිත කිරීම, සයිබර් අවදානම් අවම කිරීම සහ ගෝලීය සම්මතයන්ට අනුකූලව ශක්තිමත් ආරක්ෂක විධිවිධාන පවත්වාගෙන යාම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන බව මෙම සහතිකකරණය මගින් තහවුරු වේ.
ISO 22301:2019 සහතිකකරණය ලබාගැනීමේ ක්‍රියාවලිය තුළ සෙලාන් බැංකුවට පූර්ණ වශයෙන් සහයෝගය හා මගපෙන්වීම ලබාදෙන ලද්දේ ලොව පිළිගත් උපදේශන සමාගමක් වන Ernst & Young Sri Lanka විසිනි. ISO 27001:2022 සහතිකකරණය සඳහා සෙලාන් බැංකුවේ උපදේශන හවුල්කරු ලෙස Deloitte Sri Lanka සමාගම කටයුතු කළේය.
මෙම සහතිකකරණයන්ට අදාළ විගණන ක්‍රියාවලිය Bureau Veritas Lanka විසින් සිදුකරන ලද අතර, එම ක්‍රියාවලිය තුළදී සෙලාන් බැංකුවේ විවිධ අංශවලට අදාළ ව්‍යාපාර බලපෑම් විශ්ලේෂණ, අවදානම් තක්සේරු කිරීම්, අඛණ්ඩතා ක්‍රමෝපාය සහ ප්‍රතිසාධන සැලසුම් ආදිය ගැඹුරින් පරීක්ෂාවට ලක්කරන ලදි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෙලාන් බැංකුවේ ව්‍යාපාර අඛණ්ඩතාවට ISO 22301 සහතිකකරණය