IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘සූර්යා සුවඳකූරු’ බෙල්ලන්විලට යයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ සාඩම්බර සන්නාමයක් වන ‘සූර්යා’ නාමය යටතේ පසුගිය වෙසක් පෝදා එෛතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේදී ‘සූර්යා සදහම් සැරිසර’ වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වීය.

බෞද්ධ ජනතාව ඉතා භක්තියෙන් සමරන වෙසක් පොහොය දින ශීල සමාදාන වැඩසටහන, ධර්ම දේශනා සහ බෝධි පූජාවට සමගාමී සුගන්ධ දූප පූජාව ආදී වැඩසටහන් සඳහා ඉතා විශාල බැතිමත්හූ පිරිසක් සම්බන්ධ වූහ.

ආගමික ස්ථානවල පෝදා වැඩසටහන් හා විවිධ පුද පූජාවන් සඳහා සහභාගී වන බැතිමතුන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීම හා සුපසන් හැගීමක් ඇති කිරීමත් ඒ හරහා ඔවුන්ගේ ආධ්‍යාත්මය සුවපත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

පන්සලට පැමිණෙන බැතිමතුන් සඳහා සුවඳ කූරූ නොමිලේ දීමට ‘සූර්යා’ ආයතනය පියවර ගත්තේය.

සාම්ප්‍රදායක ශ්‍රී ලාංකිකයෙකුගේ සුවිශේෂී අවස්ථා ගම, පන්සල හා පාසල කේන්ද්‍ර කරගනිමින් සංවිධානය වන අතර එම සාම්ප්‍රදායික ගම අනාගතයට ඉතිරි කිරීමටත් මනුසත් සුවඳ ඇති ගුණගරුක සමාජයක් බිහි කිරීම සඳහා නිවසේ ආලෝකය හා සුවඳ රැකගනිමින් සාරධර්මයන්ගෙන් පිරිපුන් සමාජයක් බිහි කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම සූර්යා නිෂ්පාදන ආයතනයේ අරමුණයි.

කෝමාරිකා, සල් මල්, රෝස හා පිච්ච මල් සුවඳ වැනි මිහිරි මතකයන් ගෙන එන එකිනෙකට වෙනස් සුවඳ වර්ග 14 කින් මෙම “සූර්යා සුවඳකූරු“ පෙළ වෙළඳපොලේ මිලදීගත හැක. ඉහළ ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය භාවිතයෙන් පමණක් නිෂ්පාදිත සූර්යා සුවඳ කූරූ විවිධ මිල ගනන් යටතේ ඇසුරුම් කිහිපයකින් ඔබ වෙත එන සූර්යා සුවඳ කූරූ ඔබේ පසුම්බියටත් සරිලන මිලකට මිලදීගැනීමේ හැකියාව ලබාදී ඇත.

ආගමික, ආධ්‍යාත්මික හා මනස සුවපත් කරන භාවනානුයෝගී අවශ්‍යතා වෙනුවෙන් නුදුරේදීම මෙම සුවඳ කූරු වෙළදපොළ අතික්‍රමණය කරනු ඇතැයි ‘සූර්යා නිෂ්පාදන’ සමාගමේ විශ්වාසයයි.



අදහස් (0)

‘සූර්යා සුවඳකූරු’ බෙල්ලන්විලට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site