(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ආරක්‍ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නවතම නිෂ්පාදනය වන ‘සූර්යා සුවඳකූරු’ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන ‘සූර්යා සදහම් සැරිසර’ වැඩටහනේ ඊළඟ පියවර බෙල්ලන්විල රජමහා විහාරයේදී වෙසක් පෝය දිනය පුරා (5 වැනිදා) පැවැත්වේ.
එදින එම විහාරස්ථානයට පැමිණෙන සැදෑවතුන් වෙනුවෙන් පෙරවරුවේ ශීල සමාදානයේ සිට පස්වරු සිල් පවාරණය සහ බෝධිපූජාව දක්වා සියලු පිංකම් පැවැත්වේ.
එම වැඩසටහන යටතේ ප්‍රසිද්ධ ධර්ම දේශකකයන් වහන්සේලාගේ ධර්ම දේශනා, කවිබණ සහ ධර්ම සාකච්ඡා පැවැත්වෙන අතර එම සියලු වැඩසටහන් සජීවීව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ‘සිටි එෆ්.එම්.’ හරහා විකාශය කරයි.
‘සූර්යා සදහම් සැරිසර විශේෂ පූජෝපහාර සුගන්ධ ධූප පූජාව’ ද එම විහාරස්ථානයේදී පැවැත්වෙන බවත් එදින එම විහාරස්ථානයේදී ‘සුවඳකූරු’ දන්සැලක් ද සංවිධානය කර ඇති බවත් ‘සන්මැච් පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ ගෞරි රාජන් මෙනවිය පැවසුවාය.
සියයට සියක්ම දේශීය නිෂ්පාදනයක් වන ‘සූර්යා සුවඳකූරු’ සුවඳ වර්ග 14 කින් පන්සල, පල්ලිය සහ කෝවිල යන ඕනෑම ස්ථානයකට සුදුසු ලෙස නිෂ්පාදනය කරන බවත් ‘සුගන්ධ ධූප පූජාව’ සහ පස්වරු 3.00 ධර්ම දේශනය ‘ලංකාදීප’ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කරන බවත් ‘සන්මැච් පුද්ගලික සමාගම පවසයි.
බෙල්ලන්විල රජමහා විහාරාධීපති බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්වහන්සේ අනුශාසනා පරිදි මෙම පිංකම් මාලාව සංවිධානය කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘සූර්යා සදහම් සැරිසර’ බෙල්ලන්විල විහාරයේදී