IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘සූර්යා සදහම් සැරිසර’ ඇත්කඳ රජමහා විහාරයේදී

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නවතම නිෂ්පාදනය වන ‘සූර්යා සුවඳකූරු’ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන ‘සූර්යා සදහම් සැරිසර’ වැඩටහනේ ඊළඟ පියවර කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී ඇසළ පෝය දිනය පුරා (3 වැනිදා) පැවැත්වේ.

එදින එම විහාරස්ථානයට පැමිණෙන සැදෑවතුන් වෙනුවෙන් පෙරවරුවේ ශීල සමාදානයේ සිට පස්වරු සිල් පවාරණය සහ බෝධිපූජාව දක්වා සියලු පිංකම් පැවැත්වෙන අතර එම වැඩසටහන යටතේ විචිත්‍ර ධර්ම දේශකකයන් වහන්සේලාගේ ධර්ම දේශනා, කවිබණ, සම්බුද්ධ පූජා සහ ධර්ම සාකච්ඡා ආදි පිංකම් රැසක් පැවැත්වීමට නියමිතය.

‘සූර්යා සදහම් සැරිසර’ විශේෂ පූජෝපහාර වන ‘සුගන්ධ ධූප පූජාව’ සහිත පෙරහැර එදින පස්වරු 6.00 ට පැවැත්වේ.

අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ශ්‍රී රතනපාල අනුනායක හිමියන්ගේ අනුශාසනා පරිදි ඇත්කඳ රජමහා විහාරයෙ විහාරාධිකාරී කුරුණෑගල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වීරපොකුණේ සුමංගල ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්වේ.  

රටපුරා ප්‍රදර්ශනය වන ‘ගුත්තිල’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී සහ ‘සූරියා’ සන්නාම තානාපතිනී ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම යන මහත්ම මහත්මීහූ මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

ලංකාදීප පුවත්පත, ලංකාදීප සමාජ මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සිටි එෆ්.එම්. සේවය එක්ව මෙම වැඩසටහන ජනතාව වෙත ගෙන සියලු කටයුතු සූදානම් කර තිබේ.  



අදහස් (0)

‘සූර්යා සදහම් සැරිසර’ ඇත්කඳ රජමහා විහාරයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site