IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් සැපයීමට DFCC සහ David Peiris Renewable Energy ගිවිසුමක

පරිසර හිතකාමී හෙට දවසකට ශක්තිමත් පදනමක්
විදුලි පාරිභෝගිකයන්ට අලුත්ම වාසිසහගත අවස්ථාවක්


DFCC බැංකුව සහDavid Peiris Renewable Energy  සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණයි. මෙමගින් රටේ ක්‍රමයෙන් ඉහළ යන විදුලි ඉල්ලු‍ම වඩාත් තිරසාර ලෙස සපුරාලීමට හැකි වනු ඇත. 

සූර්ය බලශක්තිය යනු තවදුරටත් හුදෙක් තෝරාගැනීමක් පමණක් නොවේ. වඩාත් පරිසර හිතකාමී හෙට දිනයක් නිර්මාණය කිරීමට නම් අප සියලු‍ම දෙනා අනිවාර්යයෙන්ම සූර්ය බලශක්තිය වෙත යොමු විය යුතුය. එය පොසිල ඉන්ධන දහනයෙන් බලශක්තිය නිපදවීමේ අවශ්‍යතාව අවම කරන අතරම විදුලිය සඳහා වැයවන වියදම්ද අවම කරයි. එමෙන්ම එය රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහාද අතිශයින් වැදගත්ය. 

ජනතාවට වඩාත් පහසුවෙන් සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා DFCC බැංකුව සියයට 11.50 ක තරගකාරී පොලී අනුපාතයක් යටතේ සූර්ය බලශක්ති ණය පහසුකම් හඳුන්වාදී තිබේ. මෙම ණය ආපසු ගෙවීම සඳහා වසර 5 ක කාලයක් හිමි වන අතර, අවශ්‍ය නම් මෙම කාලසීමාව වසර 10 ක් දක්වා දීර්ඝ කරගැනීමේ හැකියාව පවතී. මෙම පහසුකම හේතුවෙන් ජනතාවට අවම මූලික වියදමකින්, සහනදායී ක්‍රමවේදයක් යටතේ සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට හැකියාව ලැබෙන අතර, එමගින් ඔවුන්ට දීර්ඝකාලීනව විශාල මුදලක් ඉතිරි කරගැනීමටද අවස්ථාව හිමි වේ. 

මෙවැනි ක්‍රමවේද හේතුවෙන් ජනතාව වැඩි වැඩියෙන් සූර්ය බලශක්තිය වෙත යොමු වනු ඇතැයි DFCC බැංකුව විශ්වාස කරයි. මෙමගින් ජනතාවට තවදුරටත් සාම්ප්‍රදායික විදුලි බල සැපයුම මත යැපීමේ අවශ්‍යතාව පැන නොනගින අතර, විදුලි ගාස්තු වැඩි වීමේ අවදානමද මගහැරී යයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා මෙසේ පැවසුවේය. තිරසාරත්වය හා ප්‍රජාව සවිබල ගැන්වීම සම්බන්ධයෙන් බල ශක්ති බැංකුව දක්වන උනන්දුව මෙම හවුල්කාරීත්වය මගින් මැනැවින් නිරූපණය වනවා. ජනතාවට වඩාත් පහසුවෙන් සූර්ය බලශක්ති විසඳුම් ලබාගැනීමට අවස්ථාව සලසා දීමෙන් පරිසරයට යහපතක් සිදුවන අතරම, ජනතාවටත් ව්‍යාපාරවලටත් තම බලශක්ති වියදම් මෙන්ම කාබන් දහනයද අවම කරගැනීමට හැකි වනවා.  



අදහස් (0)

සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් සැපයීමට DFCC සහ David Peiris Renewable Energy ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site