(මනෝජ් හර්ෂික)
සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අධ්‍යාපනික පුහුණු වැඩසටහනක් රජය මඟින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
පස් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 240 ක මුදලක් වෙන්කර ඇත.
ඒ අනුව සූර්ය පැනල නිෂ්පාදනය පිළිබඳ මූලාකෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් පර්යේෂණ හා සංවර්ධන පහසුකම් සැලසීම ව්‍යාපෘතියේ අරමුණක් වන අතර කැලණිය, යාපනය, පේරාදෙණිය සහ රුහුණු යන විශ්වවිද්‍යාල මගින් එය ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ සූර්ය පැනල නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම පිළිබඳව NVQ මට්ටම - 4 වෘත්තීය සුදුසුකම සමග ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 2000 පුහුණු කිරීමේ වැඩසටහනක් සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමක් ද අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.
මෙම විෂය සම්බන්ධ පිළිගත් සුදුසුකම් සහිත ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව තුළ නොමැතිවීමේ ගැටළුවට පිළියමක් ලෙස විධිමත් පුහුණුවක් හා පිළිගැනීමක් සහිත තාක්ෂණික ශිල්පීන් බිහිකිරීමට අවශ්‍ය පුහුණුවක් මේ යටතේ ලබාදීමට නියමිතය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මේ සඳහා ප්‍රතිපාදන ලබාදෙන අතර NAITA ආයතනය පුහුණු කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සූර්ය පැනල නිෂ්පාදනයට පහසුකම් සැපයීමේ පුහුණු වැඩසටහනක්
du Saturday, 10 August 2019 07:52 AM
විශිෂ්ට වැඩක්. නිසි ලෙස අවසන් කළොත් හොඳයි...
Perakum Sunday, 11 August 2019 11:38 AM
සූර්ය පැනල තාක්ෂණය සීඝ්‍රයෙන් ඉදිරියට යනවා. කොහෙන් හරි ගෙනාපු යල්පැන ගිය තාක්ෂණය අපට කියාදෙන්න එපා. කාර්යක්ෂමතාව දිනෙන් දින ඉහළ ගිහින් දැන් නිපදවෙනවා. කාර්යක්ෂම හා ප්‍රමාණයෙන් ඉතා කුඩා බැටරි දැන් තියනවා. ඒ අනුව අමතර නිෂ්පාදනය ගබඩා කර රාත්‍රී කාලයට භාවිතා කළ හැක. ඉන්පසුවත් අමතර විදුලිය ඉතිරිවේ නම් පමණක් ප්‍රධාන පද්ධතියට සැපයිය හැකිය. නව තාක්ෂණය පිළිබඳ මනා අධ්‍යයනයක් සිදුකරමින් අවබෝධයෙන් යුතුව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි. නැතහොත් අපට තවත් සුදු අලියෙක් තමයි.
vernonThursday, 15 August 2019 06:02 AM
අනේ ඔව්, පැරකුම්. ඔයා දැන්ම ගිහිල්ලා උපදේශකයෙක් විදිහට ලියාපදිංචි වෙන්න. එතකොට ඒ ළමයින්ට ඔයා දන්න දේවල් කියා දෙන්න පුළුවන්නේ.
vernonThursday, 15 August 2019 06:02 AM
අනේ ඔව්, පැරකුම්. ඔයා දැන්ම ගිහිල්ලා උපදේශකයෙක් විදිහට ලියාපදිංචි වෙන්න. එතකොට ඒ ළමයින්ට ඔයා දන්න දේවල් කියා දෙන්න පුළුවන්නේ.
Dinesh Hemachandra Thursday, 15 August 2019 08:05 AM
ගැහැණු ළමයින්ටත් එන්න පුළුවන්ද? එමෙන්ම වයස 45 වගේ කට්ටියට පුළුවන්ද සති අන්ත පුහුණුවීම් වලට එන්න. ටෙලිෆෝන් නම්බර් එක දෙන්න.