
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින යන රටවල එකමුතුවෙන් බිහි වුණු සාර්ක් (South Asian Association for Regional Cooperation) සංවිධානය වෙත නැවත පණදීමක් සිදු කරන බව බංග්ලාදේශ මහ මැතිවරණයෙන් ජයගත් බංග්ලාදේශ ජාතික පක්ෂයේ (BNP) සභාපති තාරික් රහ්මාන් පවසයි.
“අපගේ පක්ෂය නව රජයක් පිහිටුවීමෙන් පසුව සාර්ක් සංවිධානය වෙත නැවත පණ දීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. බංග්ලාදේශයත් මේ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක්.”
මීළග බංග්ලාදේශ නව රජයේ අගමැතිවරයා ලෙසද තාරික් පත්වීමට නියමිතය.
1985 වසරේ දෙසැම්බර් 08 වැනිදා ස්ථාපිත කෙරුණු මෙම සාර්ක් සංවිධානය දශක කිහිපයක් ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වුවත්, මේ වනවිට එම සංවිධානය අක්‍රිය මට්ටමට පත්ව තිබේ. දකුණු ආසියානු රටවල ආර්ථික සහ කලාපීය සහයෝගිතාව වෙනුවෙන් මෙය ස්ථාපිත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd