මත්පැන් සඳහා පනවා තිබූ සුරා බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය. එහෙත් රජයේ ආදායමට එල්ල විය හැකි අවදානම පිළිබඳ සැලකිල්ලට ගනිමින් යෝජිත සිගරැට් බදු ඉහළ නැංවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වළක්වා ඇත.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 6 වැනිදා පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ උණුසුම් රැස්වීමකදී මෙම තීරණයට එළැඹ තිබිණි. නව බදු ක්‍රියාමාර්ග හේතුවෙන් එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙන් නීති සම්පාදකයන් අතර එහිදී උණුසුම් සංවාදයක් ඇති විය.
මත්පැන් මිල ඉහළ ගියහොත් පාරිභෝගිකයන් නීති විරෝධී මත්පැන්වලට යොමුවිය හැකි බවට කළ අනතුරු ඇඟවීම් මධ්‍යයේ සුරාබදු ආඥා පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කළ අංක 01/2025 සුරාබදු නිවේදනයට අනුමැතිය ලබාදෙමින් මත්පැන් සඳහා පනවා තිබූ සුරා බද්ද සියයට 5.9 කින් ඉහළ දැමීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අනුමැතිය දුන්නේය.
පසුගිය මාස 2 ක කාලය තුළදී නීත්‍යනුකූල මත්පැන් නිෂ්පාදනය සියයට 22 කින් ඉහළ ගොස් තිබෙන බවත් මත්පැන් ආදායම සියයට 23 කින් ඉහළ ගොස් තිබෙන බවත් පවසමින් නීති සම්පාදකයන් සිය තීරණය එහිදී සාධාරණීකරණය කළේය.
එහෙත් එහිදී සිගරැට් පිළිබඳ තීරුබදු ඉහළ නැංවීමට විරෝධය එල්ල වී ඇත. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එහිදී මත්පැන් සඳහා වන සුරා බද්ද ඉහළ නැංවීමේ සාධාරණත්වය පිළිබඳව ප්‍රශ්න කර තිබිණි. පසුගිය වර සිදුකළ බදු වැඩි කිරීමේදී ප්‍රධාන නිෂ්පාදකයන්ගේ ලාබය ඉහළ ගියත් රජයේ ආදායම පහළ ගොස් තිබූ බවද සභාපතිවරයා එහිදී තර්ක කළේය.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුරා බද්ද ඉහළ දැමීමට මුදල් කාරක සභාවේ අනුමැතිය