IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සියලු කොටස් මිල වාර්තාගත නමුත් විදේශ විකිණීම්වලින් අවාසි

කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙනුවල දී දර්ශක තවදුරටත් ඉහළ ගියේය. ඊයේ (ජුනි 04) මුල් භාගයේ දී තිබුණ පිබිදීම මධ්‍යහ්නය වනවිට අඩාල වූ නමුත්, අවසාන භාගයේ දී නැවත ප්‍රතිශ්ඨාපනය වනු නිරීක්ෂණය කළ හැකි විය. මුල්‍ය වාර්තා නිකුත්වන අතර, ඒවායේ තොරතුරු සහ සමාගම්වල ලාබ පදනම් කරගෙන ප්‍රකාශයට පත්කරන ප්‍රතිලාභ කොටස් ඉල්ලුම සඳහා බලපාන සාධකයක් වී ඇත. 

ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,353.05 ක් වු අතර, එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 138.66 ක වර්ධනයකි. එස්.ඇන්.ඩී.පී. ශ්‍රී ලංකා දර්ශකය 5,159.66 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 28.38 ක වර්ධනයක් සේ  දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 37,121 ක් වාර්තා වූ අතර, සමාගම් 135 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 107 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 7,373.73 ක් විය. කොටස් මිලියන 271.0 ක් හුවමාරු වූ බව දැක්වේ. මෙදින විදේශ ගනුදෙනුවල දී රු. මිලියන 323.9 ක කොටස් මිල දී ගෙන ඇත. විකිණීම රු. මිලියන 395.3 කි. ශුද්ධ විකිණීම් වශයෙන් රු. මිලියන 72ක ධනයක් රටින් බැහැර වී තිබේ. තවමත් විදේශ ආයෝජකයන්ගේ විකිණීමේ ප්‍රවණතාව පවතී.

හේමාස් හෝල්ඩිං රු. මිලියන 285 ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 282 ක්, රෝයල් සෙරමික් රු. මිලියන 220 ක්, ස්විස්ටෙක් රු. මිලියන 183 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 162 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 153 ක්,  ජෝන් කීල්ස් රු. මිලියන 148 ක්, පෑන් ඒෂියා බැංකුව රු. මිලියන 147 ක්, ඩිජිටල් මොබිලිටි  රු. මිලියන 128 ක්, හේලීස් රු. මිලියන 128 ක් සහ සම්පත් බැංකුව  රු. මිලියන 126 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූ අවස්ථා වශයෙන් සටහන්ය.

 

නිරීක්ෂක



අදහස් (0)

සියලු කොටස් මිල වාර්තාගත නමුත් විදේශ විකිණීම්වලින් අවාසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site