IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සියලු කොටස් මිල වාර්තාගත නමුත් විදේශ විකිණීම්වලින් අවාසි

කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙනුවල දී සියුම් වර්ධනයක් දක්වමින් සියලු කොටස් මිල ඒකක 17,214 දක්වා ඉහළ ගියේය. මෙම වසර තුළ වාර්තාගත වර්ධනයක් සනිටුහන් කර තිබේ.  2024 වසර අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,944.61 ක තිබුණ බව සිහිපත් කළ යුතුය. එම වසර ආරම්භයේ සිට මාස දොළහක කාලය අවසානයේ දී වර්ධනය සියයට 49.66 ක් ව තිබුණ බව පැරණි වාර්තා සනාථ කරයි. එතැන් සිට වරින්වර උච්ඡාවචනය වූ වෙළෙදපොළ ඊයේ සනිටුහන් කළ ඉහළම තත්වය දක්වා ළඟා වී ඇත. 
ඊයේ (ජුනි 03) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 234.39 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,131.82 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 96.36 ක ක වර්ධනයක් සේ  දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 41,275 ක් වාර්තා වූ අතර සමාගම් 187 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 66 කි. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,373.09 ක් විය. කොටස් මිලියන 271.9 ක් හුවමාරු වූ බව දැක්වේ. මෙදින විදේශ ගනුදෙනුවල දී රුපියල් මිලියන 208.6 ක කොටස් මිල දී ගෙන ඇත. විකිණීම රුපියල් මිලියන 482.2කි. ශුද්ධ විකිණීම් වශයෙන් රුපියල් මිලියන 274ක ධනයක් රටින් බැහැර වී තිබේ. තවමත් විදේශ ආයෝජකයන්ගේ විකිණීමේ ප්‍රවණතාව පවතී.
සම්පත් බැංකුව රුපියල් මිලියන 256 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රුපියල් මිලියන 242 ක්, ඩිජිටල් මොබිලිටි රුපියල් මිලියන 241 ක්,  කොමර්ෂල් ක්‍රෙඩිට් රුපියල් මිලියන 230 ක්, ප්‍රයිම් ලෑන්ඩ්  රුපියල් මිලියන 215 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රුපියල් මිලියන 214 ක්, ඒ.සී.එල්. රුපියල් මිලියන 211 ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 210 ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රුපියල් මිලියන 198 ක්, හැටන් නැෂනල් රුපියල් මිලියන 169 ක්, සහ කාර්ගිල්ස් බැංකුව  රුපියල් මිලියන 165 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූ අවස්ථා වශයෙන් සටහන්ය.


නිරීක්ෂක



අදහස් (0)

සියලු කොටස් මිල වාර්තාගත නමුත් විදේශ විකිණීම්වලින් අවාසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site