ඇමරිකා එක්සත් ජනපදය පනවන ලද ඉහළ බදු ප්‍රතිශතය තවත් වටයකින් අඩු කිරීම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා උද්දාමයක් වී ඇත. මිල දී ගැනීමේ ප්‍රවණතාවක් පැවැතියහොත් අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය 20,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. අපනයන අංශයෙහි නිරත සමාගම්වල කොටස් ඉල්ලුම සීමාසහිත වී තිබුණ අතර ඉකුත් සතියේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට බලපාන බදු ප්‍රතිශතය සියයට 20 දක්වා අඩු කිරීම සමග අනපේක්ෂිත ඉල්ලුමක් පැන නැගී තිබේ.
ජනාධිපති අනුර දිසානායක මහතා එරට වෙළෙඳ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග දුරස්ථ සාකච්ඡාවක් කරන ලද අතර එහි දී ඇති කරගත් එකඟතා අනුව නවතම බදු ප්‍රතිශත ඉකුත් සිකුරාදා සිට බලපැවැත්වේ. දෙරට අතර වෙළෙඳ පරතරය පාලනය කිරීම සඳහා ඉන්ධන ඇමරිකාවෙන් මිල දී ගැනීමේ යෝජනාවක් ද ඉදිරිපත්ව තිබුණ බව කියැවේ.
සියලු කොටස් මිල දර්ශකය සිකුරාදා (අගෝ. 01) ඒකක 19,914.25 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 271.77 ක දියුණුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,894.75 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 132.50 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රුපියල් බිලියන 7.36 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 43,886 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 416.7 ක් විය. සමාගම් 172 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 79 කි. කෙසේ වෙතත් විදේශ සහභාගීත්වය සලකාබලන පසු විකිණීම් ඉහළය. ගැනුම් රුපියල් මිලියන 67.1 ක් වූ අතර විකිණීම් රුපියල් මිලියන 211.1 කි. රටට සිදු වී ඇති ශුද්ධ අවාසිය රුපියල් මිලියන 144 ක් බව සඳහන් කළ හැක.
ඩිප් ප්‍රඩක්ට් රුපියල් මිලියන 552ක්, පෑන් ඒෂියා රුපියල් මිලියන 375ක්, ජෝන් කීල්ස් රුපියල් මිලියන 317ක්, ඩී.එෆ්.සී.සී. රුපියල් මිලියන 272ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 247 ක්, හැටන් නැෂනල් නිෂ්ඡන්ද රුපියල් මිලියන 220 ක්, හේලීස් ෆයිබර් රුපියල් මිලියන 212 ක්, ඩිජිටල් මොබිලිටි රුපියල් මිලියන 199 ක්, කැලණි වැලි වැවිලි රුපියල් මිලියන 139 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
567
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
280
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මවන ලකුණු